Our Blog

Used-full Item for Curtain Design

තිරරෙදි නිර්මාණයට යොදාගත හැකි දේවල්

  • දැව

ස්වභාවිකත්වයට මුල් තැන දී සකසන නිවාස වල චාම් බව හා නිස්කලංක බව උද්දීපනය කිරීමට මේවා සමත්ය.උණ බට හා වෙනත් ඕනෑම දැව වර්ගයක් මේ සඳහා භාවිතා කළ හැකි අතර උණ බට වලින් මෙය සෑදීමේදී බට පතුරු ලෙස සකසා තීරුකර ගනු ලැබේ.සාමාන්‍ය ව්‍යවහාරයේ දී පැලට් යනුවෙන් හඳුන්වන මේවා ලොකු කුඩා ඕනෑම ජනේලයක් සඳහා සුදුසු වේ.

ඇතැම් විට නූලකින් ඇදි පමණින් විවෘත වන්නට මේවා සැකසිය හැක.නිවස තුළ සෞම්‍ය දේශගුණයක් ඇති කිරීමට හානිරවුල් වටපිටාවක් ඇති කිරීමට මෙයට හැකිවේ.

අද විශාල වශයෙන් මෙම විලාසිතාව ජනප්‍රිය වී ඇත.ඔබේ නිවසේ උශ්නාධික ස්ථානයකට මෙම දැවයෙන් කළ කර්ටන් යෙදීමෙන් සිසිලසක් ලබා ගත හැකිය.ඔබගේ නිවසේ ජනේල හෝ එළිමහන් ස්ථානයකට මෙම දැව නිර්මාණ වඩාත් ගැලපේ.කාමරයක කොටසක් වෙන්කර ගැනීම සඳහා බෙදුම් තිරයක් ලෙසද මෙය භාවිතා කළ හැක.

වෙළෙඳපොලෙන් මිලදී ගන්නවාට වඩා මෙය ඔබටම නිර්මාණය කරගත හැකිය.ඉතා සරල ආකාරයෙන් බට පතුරු කිහිපයක් සකසා ගෙන එක පෙළට තබා ඝනකම් නූල් වලින් දෙපස කෙලින් බැඳ ගන්න.

  • රෙදි

රෙදි භාවිතා කර තිරරෙදි සකසා ගැනීම අද සෑම නිවසකම පොදුවේ දක්නට ලැබෙන විලාසිතාවයි.ඇලුමිනියම් රීප්ප,ලී හෝ මෙටල්වලින් සැකසූ පොලුවලට මෙම තිර රෙදි යොදනු ලැබේ.ඕවර්ලැප්ස්වැග් හා ටේල් තිරරෙදි (තට්ටු කිහිපයකට සැකසූ) ක්‍රමය නිවසක ගාම්භීර බව හා රාජකීය බව ඉස්මතු කිරීමට සමත් වේ.

ඒවා ටසල්අල්ලා තවත් අලංකාරවත් කර ගත හැක.මෙවැනි ක්‍රමයට සකසන තිර රෙදිවල පිටුපස තිරය සඳහා ෂියර් රෙදි බොහෝ දුරට භාවිතා වන්නේ එහි ඇති විනිවිද භාවය නිසාය.

නිවසක් ඇතුළත ජනෙල් වලට මේවා යෙදීමේ දී ගෘහ අභ්‍යන්තර අලංකරණය පිළිබඳව සැලකිල්ලට ගෙන මෙහි වර්ණ ගලපා ගත යුතුය.

බිත්තිවල වර්ණය, ගෙබිමේ වර්ණය, නිවසේ ඇති භාණ්ඩ වල වර්ණ හා කුෂන් වල වර්ණය මෙන්ම විදුලි බුබුළුවලින් නිකුත් වන ආලෝකයේ වර්ණය ද එකට ගැලපිය යුතුය.බොහෝ නිවෙස්වල කහ හෝ සුදු වර්ණ භාවිත වන බැවින් ඒවා හිරු එලියට වඩා වෙනස් වේ.

එක ම තිර රෙද්ද කහ හෝ සුදු ආලෝකයන් හි දී වෙනස් වර්ණයක් හා පෙනුමක් ගෙන දිය හැක.වෙනත් කර්ටන් වලට වඩා රෙදි යොදා නිර්මාණය කරන තිර රෙදිවලට තරමක් වැඩිපුර මුදල් වැය වේ.

නූල්

රිබන් නූල් හෝ වූල් යොදා ගනිමින් ඔබටම වුවත් නිවසේ සිට පහසුවෙන් මෙම නිර්මාණය කර ගත හැකිය.ඔබම මේවා නිර්මාණය කරන්නේ නම් ආධාරකයක් යොදා ගනිමින් මේවා සවි කර ගතයුතු වේ.නිතර භාවිතා වන ස්ථානයකට මෙය සවි කළ විට පැටලීමට ඇති ඉඩ කඩ වැඩිය.එම නිසා බෙදුම් තිරයක් ලෙස භාවිතා කරන්නේ නම් ඔබට මෙය ප්‍රවේශම් කරගත හැක.

නිවසක්  අලංකරණය කිරීමේදී අභ්‍යන්තර ගෘහ අලංකරණ උපක්‍රමයක් ලෙස ද මෙය භාවිතා කරයි.ඉතා සැහැල්ලු බරින් අඩු නිර්මාණයක් බැවින් නිවසේ ඕනෑම ස්ථානයකට වෙහෙසකින් තොරව සවි කරගත හැක.නමුත් වැඩිපුර සුලං හමන එළිමහනකට හෝ විදුලි පංකා අසලට මේවා යෙදීම සුදුසු නැත.එවිට සියල්ල එකට ගැට ගැසී නැවත භාවිතා කළ නොහැකි වන අයුරින් ඒවා අවුල් වී යා හැක.

 

 

 

  • පබළු

මෙම පබළු වලින් කරන නිර්මාණ ද ඔබට ම වුවත් නිවසේදී තනිවම සාදා ගත හැකිය.මේ සඳහා අවශ්‍ය කරන පබළු හෝ වීදුරු කැට පිටකොටුවේ ඉතා අඩු මුදලකට මිලදී ගතහැක.බර අනුව ග්‍රෑම් ගණනට ඔවුන් මුදල් අය කරයි.

ඇතැම් අය ළඟ රුපියල් දෙසීයත් හාරසියයත් අතර මුදලකට මෙම පැකට් විකිණීමට තිබේ.වෙළඳපොලේ වීදුරු පබළු ප්ලාස්ටික් පබළු මෙන්ම ලෝහ පබළු දඇත.

මේවා විවිධ රටාවන්ට අනුව අමුණා ගැනීමෙන් අලංකාරවත් නිර්මාණයක් ඔබට ලබාගත හැකිය.නූලක අමුණා එකලස් කර ගත්වැල් සියල්ල ආධාරකයට සමාන පරතරයකින් සවි කරගත යුතුවේ.මේවායේ දිග ප්‍රමාණයන් ද එක සමාන විය යුතුය.ඔබ කවාකාරව මෙම නිර්මාණය සකසන්නේ නම්වැල් සියල්ල එකම දිගකින් නොසාදා අවශ්‍ය වන ප්‍රමාණයට පමණක් සකසා ගන්න.

අවසානයේදී අවශ්‍ය ප්‍රමාණයට ඒවා කොට කිරීමට සිදු වූ විට ඔබගේ මහන්සිය සහ කාලය අපතේ යා හැකි ය.ජනෙල් වලට වඩා මේවා වැඩිපුර භාවිතා වන්නේ දොරවල්වලට සහ විවෘත ස්ථානයන්ට ය.

  • ප්ලාස්ටික්

ප්ලාස්ටික් වලින් සාදන කර්ටන් වැඩි වශයෙන් භාවිතා වන්නේ නිවසේ නාන කාමරයටය.ජලය කාන්දු නොවන රෙදිමෙන් ම ඉටි රෙදිද මේ සඳහා යොදා ගනී.

තීරු වශයෙන් වෙන් කර හෝ එකම තීරුවක් ලෙස මෙය සකසා ගත හැක.විවිධ ආයතන වල වෙන්වීම් තිරයක් ලෙස ද මෙය භාවිතා වේ.විශාල අධි ශීතකරණ කාමරවල තිරයක් ලෙස භාවිතා කරන්නේද මෙම ප්ලාස්ටික් බෙදුම්ය.

ඇතුලත පවතින කාලගුණ තත්ත්වය පිටතට නොයැවීමට මෙන්ම දුහුවිලි පැමිණීම වැළැක්වීම සඳහා ද මේවා භාවිතා කරයි.නිවාස වලට වඩා කර්මාන්ත ශාලාවල හෝ කාර්යාල පරිශ්‍ර වල මේවා වැඩි වශයෙන් භාවිතා කරනු දක්නට ලැබේ.

Leave A Comment

error: Content is protected !!