Our Blog

Identifying Sri lanka Curtain

කලින් තිර රෙදී ගැන දෑමු ලිපියේ Curtain ගැන හොද හැදින්වීමක් කරලා තිබුණා. දෙවන ලිපියේදී නිවැරදිව නිවසට, කාමරයට තිරරෙදි තොරා ගන්නා අකාරය ගැන සලකා බලමු.

තිර රෙදි වර්ග හදුනා ගන්නේ කොහොමද

තිර රෙදි යනු ආලෝකය ඇතුළතට ලබාගැනීමට හෝ ෂවර් තිරයකදී ජලය අවහිර කිරීමට මෙන්ම අපැහැදිලි කිරීමට යොදාගන්නා රෙදි කැබැල්ලකි.ආලෝකය ගමන් කිරීම අවහිර කිරීම සඳහා බොහෝ විට ගොඩනැගිලිවල ජනේලයන්හි තිර රෙදි එල්ලා තිබේ. නිදසුනක් වශයෙන් රාත්‍රියේ නින්දට උදව් කිරීම සඳහා හෝ ගොඩනැගිල්ලෙන් පිටත ආලෝකය විහිදුවීම වැළැක්වීම සඳහා ද පිටත සිටින පුද්ගලයින්ට ඇතුළත දැකීම වළක්වා ගැනීම සදහාද බොහෝ විට පෞද්ගලිකත්ව හේතූන් මතමේවා භාවිතවේ. පිරිසිදුකම, පාරජම්බුල කිරණ, දූවිලි රඳවා තබා ගැනීම සහ ආයු කාලය අනුව තිරරෙදිවල පැවැත්ම වෙනස් වේ. තිර රෙදි අතින්, රැහැන්වලින් එහා මෙහා කිරීම සිදු කළ හැකිය.එක් එක් කවුළුව සඳහා අවශ්‍ය තිරරෙදි ප්‍රමාණය කවුළු ප්‍රමාණය සහ තිරයේ වර්ගය සහ බර අනුව වෙනස් වේ. තිර රෙදි යනු කවුළු ප්‍රතිකාර ක්‍රමයක් වන අතර නිවසේ සමස්ත පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කරයි. කවුළු ප්‍රතිකාර මගින් කාමරයේ ස්වාභාවික ආලෝකය සහ වාතාශ්‍රයේ ගලායාම පාලනය කරනුලැබේ.තිර රෙදිවල බලපෑම දිවා කාලයේ දී වඩාත් හොඳින් දැකිය හැකි අතර නිසි ගෘහස්ථ ආලෝක ස්ථානගත කිරීම් සමඟ රාත්‍රියේදී පවා ආකර්ශනීය පෙනුමක් ලබාගතහැකිය.තිර රෙදි වල විසිවන සියවසේ ප්‍රධානතම නවෝත්පාදනය වූයේ ෆයිබර්ග්ලාස් සහ පොලියෙස්ටර් වැනි කෘතිම ද්‍රව්‍ය භාවිතා කිරීමයි. නිවෙසක ආලෝකය ලැබෙන ක්‍රමවේදය අනුවත්තිර රෙදි යොදා ගන්නා ස්ථානය අනුවත් එයට සුදුසු තිර රෙදි වර්ගය තෝරා ගැනීමට අවශ්‍ය දැනුම මෙමඟින් ඔබට ලබා දෙනු ඇත.

 තිරරෙදිවර්ග

බොක්ස් ප්ලීට් තිරරෙදි (Box Pleat Curtains)

බොක්ස් ප්ලීට් තිරරෙදි වල ස්වභාවය විධිමත් පෙනුමක් ගනී. මේ තිර රෙදි දරුවන් පාඩම් කරන කාමරයකට, ඔබ විවේක ගැනීම සඳහා කාලය ගත කරන කාමරයකට වඩාත් සුදුසු වේ.

 

ත්‍රී ප්ලීට් තිරරෙදි (Three Pleat Curtains)

ත්‍රී ප්ලීට් තිරරෙදි තරමක් විශාල ජනේලයක් සඳහා සුදුසු වේ.ඇලුමිනියම් පටි සහ එල්ලුම් කොකුබොහෝවිටමේ සඳහා භාවිතා වේ.

නෝමල් ප්ලීට් තිරරෙදි (Normal Pleat Curtains)

මෙය ඉතා සරල තිර රෙදි විලාසිතාවකි.කුඩා ජනේලයක් සඳහා මෙය ඉතා ගැලපේ.මෙම  විලාසිතාවේ සංකීර්ණ බව අඩු නිසා ඔබටම වුවද තනිවම නිවසේ සිට මෙම තිර රෙදි වර්ගය නිර්මාණය කරගත හැක.මේ සඳහා වැය වන රෙදි ප්‍රමාණයද ඉතා අල්පය.මීට අමතර ව යකඩ කොකු සහයකඩබාර් මේ සඳහා අවශ්‍යවේ.වෝටර්පෲෆ් හෙවත් ජලය කාන්දු නොවන රෙදියොදා නිවසේ නාන කාමරයේ වෙන්වීම් තිරයක් ලෙසමෙය භාවිතා කළ හැක.

ස්මෝක් ප්ලීට් තිරරෙදි (Smoke Pleat Curtains)

මේ තිර රෙදි වඩාත් සුදුසු වන්නේ කවාකාර හැඩැති ජනේලයකටය.දැනට භාවිතාවීමේ අඩු ප්‍රවනතාවක් දකින තිර රෙදි වර්ගයක් ලෙස මෙය දැකිය හැක.

 

පෙන්සිල් ප්ලීට් තිරරෙදි (Pencil Pleat Curtains)

මේ ක්‍රමයට සකසන තිර රෙදි චාම් සහ මනා පෙනුමකින් යුක්තය.පෙන්සිල් ප්ලීට් තිරරෙදි සකස් කිරීමේදී ජනේලයේ ප්‍රමාණය මෙන් හතර ගුණයක රෙදි අවශ්‍ය වේ.එම නිසා තිර රෙදි සඳහා වැය වනමුදල තරමක් වැඩි විය හැක.මේ සඳහා යකඩ හෝ ලී පොලු,රවුම් කොකු අමතරව අවශ්‍ය වේ.ඔබ ලී පොල්ලක් යොදන්නේ නම්කිසි විටෙකයකඩ කොකු භාවිතා නොකරන්න.එවිට ඔබ තිරය තිරය එහා මෙහා කිරීමේදී ඔබට නොදැනුවත්වම ලීපොල්ල සීරීමකට ලක් වේ.එමගින් කෙටි කලකින් ලී පොල්ලේ තිබෙන ඔපය සහ මනා පෙනුම නැති වී යා හැක.

මගේ අත්දැකීමට අනුව නම්ඔබ ලී පොල්ලක් යොදන විට එයට මලී කොකු සාදවා ගත යුතුය.යකඩ බාර් එකක් යෙදීමේ දීයකඩ කොකු භාවිතා කිරීමේ වරදක් නැත.නමුත් ලීය සහ යකඩ බාර් එකසීරිමකට ලක් වීම බොහෝ දුරට මෙම තිර රෙදි වර්ග යෙදූ විට සිදුවේ.ඔබ සාමාන්‍ය මුදලකට තිරරෙදි යෙදීමට අදහස් කරන්නේ නම් පෙන්සිල් ප්ලීට් තිර රෙදි යෙදීම සිදු නොකරන්න.නුමුත් අයිලට් තිරරෙදි ජනප්‍රිය වීමට පෙර වැඩි වශයෙන් භාවිතා වූයේ මෙම විලාසිතාවය.මන් ද මෙමගින් ඔබගේ නිවසේ විධිමත් භාවය මනාකොට ඉස්මතු කර පෙන්වයි.

 

අයිලට් තිරරෙදි (Eyelet Curtains)

ලීපොලු හෝ යකඩබාර් යොදා ගනිමින් අයිලට් තිරරෙදි එල්ලීම සිදු කරනු ලැබේ.නවීන පන්නයේ නිවාස වල දැන් වැඩි වශයෙන් භාවිතා වන්නේ මෙම විලාසිතාවයි. මෙම වර්ගයේ තිර රෙදි දරුවන්ගේ කාමර වලට වඩාත් සුදුසු වන්නේ භාවිතා කිරීමේ පහසුව නිසාය.නමුත් නිවසක ඕනෑම ස්ථානයකට මෙම තිර රෙද්ද යෙදීමේ වරදක් නැත.

ආලෝකය හොඳින් නොලැබෙන කාමරයකට හෝ ස්ථානයකට මෙම තිර රෙදි යෙදීම සිදු නොකළ යුතුය.අඳුරු පැහැ ස්ථානයකට ඔබට මෙම වර්ගයේ තිර රෙදි යෙදීමට අවශ්‍යමනම් ඝනකමින් යුතු රෙදි භාවිතා කරනවා වෙනුවට දැල් සහිත හෝ විනිවිද පෙනෙනරෙදි වර්ගයක් භාවිතා කරන්න.මෙම තිර රෙද්දේ පවතින මනා සැකැස්ම මගින් නිවෙසේ අලංකාර බව දෙගුණ කරයි.පෙන්සිල්ප්ලීට් තිර රෙදි මෙන් මෙයටද වැඩි රෙදි ප්‍රමාණයක් අවශ්‍ය වේ.රෙදි වලට අමතරව අයිලට් සහ ස්‍ට්‍රිප්ස්ද මේ සඳහා යොදාගත යුතුය.

මගේ අත්දැකීමට අනුව දැනට වෙළද පොලේ රුපියල් 24ක් හෝ ඊට වැඩි මුදලකට වර්ණ කිහිපයකින් මෙම අයිලට් එකක් මිලදී ගත හැකි අතර එහි කල් පැවැත්ම බොහෝ දුරට අඩුවෙයි.මිලෙන් අඩු බාල වර්ගයේ අයිලට්යෙදීම මගින් ඔබ තිර රෙදි එහා මෙහා කිරීමේදී කෙටි කලකින් අයිලට් එකේ මෙන්ම පොල්ලේ ද සීරුම් ඇතිවේ.සට්‍රිප්ස්යෙදීම මගින් සිදු වන්නේ නියමිත ආකාරයෙන් සමාන ලෙස තිර රෙද්දේ නැමුම් අතර පරතරය තැබීමයි.ස්ට්‍රිප්ස්රෝලක් ඉතා අඩු මුදලකට ඔබට මිලදී ගත හැකිය.

මා ලද අත්දැකීම් අනුව බොහෝ විට මෙම තිරරෙදි වර්ගය සඳහා යොදන රෙදි ප්‍රමාණය බරින් වැඩි බැවින් ලී පොලු යෙදීමේදී කෙටි කලකින් ලී පොල්ල මැදින් නැවෙනු දක්නට ලැබේ.වරක් අපගේ නිවසට බාල වර්ගයේ ලී පොලු නොදැනුවත්වම යොදා තිබීම නිසාපොල්ල මැදින් පහතට නැවී ඇදවෙනු දක්නට හැකිවිය.මාගේ පෞද්ගලික මතය නම් ලී පොලු වල කල් පැවැත්ම අඩු බව නිසා යකඩ බාර් යොදා ගැනීම සුදුසු බවයි.යකඩ හෝ ලී පොලු වලටද අමතරව මුදලක් වැය වන හෙයින් මේ සඳහා යෙදිය යුතු පිරිවැය ඉතා අධිකය.

ෂියර් තිරරෙදි (Sheer Curtains)

ෂියර් තිරරෙදි සිනිඳු බවින් යුක්ත වේ. පිටත ආලෝකය කාමරය වෙත ගෙන එන්නට මේ තිර රෙදි සමත් ය.ඔබගේ නිවසේ අඳුරු බවින් යුතු කාමරයකට හෝ ස්ථානයකට මෙම වර්ගයේ තිරරෙදි යෙදීම මගින් සූර්යාලෝකය ලබාගත හැකිවේ.එවැනි කාමරයකට ඝනකමින් යුතු තිර රෙද්දක් යෙදුවේ නම් ආලෝකය නොලැබීම හේතුවෙන් එම කාමරය අඳුරු වී යා හැක.

නමුත් මෙහි ඇති විනිවිද බව නිසා ඔබගේ නිවසේ නිදන කාමරයකට යෙදීමට පෙර දෙවරක් සිතන්න.මන්ද පිටත සිටින පුද්ගලයන්ට ඔබව දැකිය හැකි නිසා ඔබගේ පෞද්ගලිකත්වයට හානි සිදුවිය හැක.බොහෝවිට මෙය වැඩි වශයෙන් භාවිතා වන්නේ නිවසක ආලින්දයට සහ විවෘත ස්ථානවලට ය.බොහෝවිට කාර්යාල සඳහා ද මේවා භාවිතා කරයි.

 

 

ස්කාෆ් වැලන්ස් තිරරෙදි (scarf valance curtains)

ස්කාෆ් වැලන්ස් තිරරෙදි සකස් කළ යුත්තේ තුනී රෙදි වර්ගයකිනි. මෙහිදී තිර රෙද්දේ දෙපස ජනේලයේ පහල මට්ටම දක්වා සකස් කර තබයි.බොහෝ විට නිවසක ප්‍රභූ බව ඉස්මතු කිරීමටමෙන් ම ඉපැරණි රාජකීය බවක් හැඟවීමට රතු,කහ වර්ණයන් ගෙන් මෙම තිර රෙදි භාවිතා කරනු දක්නට ලැබේ.

මෙරට නම් ඉතා අඩු වශයෙන් මෙම තිර රෙදි වර්ගය භාවිතා වේ.නමුත් විදෙස් රටවල සුලබ ව දක්නට ලැබෙන විලාසිතාවක් ලෙස මෙය දැකිය හැක.නිතර විවෘත කර තබන ආලෝකය වැඩි වශයෙන් ලැබිය යුතු  ස්ථානයකට මෙය යොදා ගනු ලැබේ.

Leave A Comment

error: Content is protected !!