Our Blog

Curtain Idea For House

තිරරෙදි යෙදීමට පෙර ඔබ දැනගත යුතුම කරුණු කිහිපයක්

ගෘහ අභ්‍යන්තර අලංකරණයේ ප්‍රධාන අංගයක් ලෙස තිර රෙදි කලාව හඳුන්වා දිය හැකි ය.නිවසක පවතින වටිනාකම වැදගත්කම උද්දීපනය කිරීමට මෙන්ම තම නිවහන සුන්දර ස්ථානයක් ලෙස සැකසීමේ දී තිර රෙදි කලාව නිවසට ආභරණයක් වනු ඇත.කාර්ය බහුලත්වයෙන් පිරි අප සියලු දෙනාගේ මනස නිවා සනසාලන සොදුරු අසපුව තම නිවහනයි.නිසි ලෙස කළමනාකරණය කොට අලංකරණය කරන ලද නිවස ඔබට අභිමානයකි.

තම නිවසට තිර රෙදි යෙදීමේදී විශාල මුදලක් වැය වෙතැයි සමහරු බියෙන් පසු වෙති.තම නිවස පිහිටා ඇති ආකාරය අනුව දොර ජනෙල් වලට යෙදිය යුත්තේ කුමන ආකාරයේ තිර රෙදි  දැයි සමහරුන්ට දැනුමක් නැත.නිවසේ බිත්ති වලවර්ණ ගල්වා ඇති ආකාරය අනුව තිර රෙදි වල වර්ණය හා මෝස්තර ගැළපිය යුතු ය.සාමාන්‍ය නිවසක් නවීන පන්නයේ නිවසක් ලෙස පරිවර්තනය කල හැකි අපූරු අලංකරණ මෙවලමක් ලෙස තිර රෙදිභාවිත වේ.

තිර රෙදි නිර්මාණය කරන පුද්ගලයෙකු මාර්ගයෙන්  ඔබ නිවසට තිරරෙදි යොදන්නේ නම් විශාල මුදලක් වැය වීමට ඉඩ ඇත.නමුත් තිරරෙදියෙදීමේ කලාව ගැන ඔබට යම් කිසි දැනුමක් තිබේ නම් ඔබේ නිවසට තිර රෙදි යෙදීම ඔබටම සිදුකර ගත හැකිය.අවශ්‍ය වන්නේ ඒ සඳහා දැනුම ඔබ එකතු කර කර ගැනීම පමණකි.

මාගේ අත්දැකීම් අනුව මම ද සිතා සිටියේ තිර රෙදි කලාව යනු ඉතා බැරෑරුම් අංගයක් ලෙසයි.නුමුත් දැරිය හැකි මිලකට තිර රෙදි යෙදීමට ඔබට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා දැනුම ලබාගැනීම මගින් ඔබට ම ඒවා නිර්මාණය කරගත හැකිවේ.මීට මාස කිහිපයකට පෙර අපගේ නිවසේ තිබූ සාමාන්‍ය  තිර රෙදි ඉවත් කර නවීන පන්නයේ තිර රෙදි වලින් අලංකාර කළ යුතු විය.මෑත කාලයේ භාවිතා වන කර්ටන් පොලු යෙදියයුතු යැයි තීරණය කිරීමත් සමග ම අපට පැන නැගී ප්‍රධානතම ගැටලුව වූයේ හොදින් තිර රෙදි මසන අයෙකු හා කර්ටන් පොලු නිර්මාණය කරන අයෙකු සොයා ගැනීමයි.

 

ඔබ තිර රෙදි නිර්මාණයකරන ආයතනයකින් සේවය ලබාගන්නේ නම් ඔවුන් නිවසටම පැමිණ ඒ සඳහා අවශ්‍ය දත්ත එක් රැස් කරගෙන ඔබගේ සිතැගි පරිදි අවශ්‍ය මෝස්තර හා වර්ණ  ගැලපීම සිදු කරනු ඇත.ඇතැම් ආයතනවලින් සවිකිරිම නොමිලේ ලබාගත හැකිය.නමුත් මා දන්නා තරමින් ඔවුන් තිර රෙදි සඳහා විශාල මුදලක් අය කරන අතර ඔවුන්ගේ මැහුම් කුලිය ද එයට එකතු කරනු ලබයි.ඔවුන් මීටරයකට ඔබට ගණන කියන්නේ තිර රෙදි වල වියදම සහ මැහුම් කුලිය එකට එක් කිරීමෙනි.ඔබට මුදල් පිළිබඳව ප්‍රශ්නයක් නොමැති නම් ඔබගේ සිතැගි පරිදි එම ආයතනවලින්  සේවය ලබා ගැනීමේ හැකියාව ඇත.

ඇදුම් මසන්නන් මෙන්ම තිර රෙදි නිර්මාණය කරන පුද්ගලයන්දතම නිවෙස්වල සිට එම කාර්යය සිදු කරයි.ඔබට එවැනි අයකුගේ සේවය ලබාගත හැකිනම් වඩා වාසිදායක වන්නේ ආයතන වල මෙන් කාමර කුලිය ඇතුළු වෙනත් අංගවලට යන වියදම්වල එකතුව ඔවුන් ඔබගේ බිල් පතමගින් ආවරණය නොකරන නිසාය.එම පුද්ගලයන්ට කියා ඔබට අවශ්‍ය තිර රෙදි ඔබම තෝරාගෙන ගෙනවිත් හෝ ඔවුන් ළඟ තිබෙන තිර රෙදි වලින් ඔබට අවශ්‍ය  වර්ණය හා නිර්මාණය තෝරාමසන්නට ලබා දිය හැකිවේ.එවැනි අවස්ථාවකදී ඔබගේ නිවසේ තිබෙන වර්ණ ගැන්වීම් පිළිබඳව නිර්මාණකරුවා දැනුවත් කිරීම මගින් නිවසේ වර්ණ අනුව තිර රෙදි වල වර්ණ ගැලපීමට නිර්මාණකරුවාගේ සහාය ලබාගත හැක.මොවුන් මීටරයක් රු 250 සිට ඉහලට මැහුම් කුලීඅය කරයි.ඔබ තෝරා ගන්නා තිරරෙදිවල ප්‍රමිතිය අනුවතිර රෙදි සඳහා යන වියදම වෙනම ඔබට දැරීමට සිදුවේ. තිර රෙදි මැසීමට අවශ්‍ය දත්ත ඔවුන් ඔබගේ නිවසට පැමිණ ලබා ගැනීම හෝ ඔබ අවශ්‍ය දත්ත නිසියාකාරව මැන ඔවුන්ට ලබා දීමෙන් එම කාර්යය සාර්ථකව ඉටු කරගත හැකි වේ.නමුත් ඔබ විසින්ම ඒවා මැනීමට යෑමේ දී දොර ජනෙල්වල මිම්ම නියමිත ආකාරයෙන් ලබා ගත යුතුය.නැතිනම් අවසානයේ දී ඔබට ලබාගත හැකි වන්නේ දොර ජනෙල් වලට වඩා විශාල හෝ කුඩා ප්‍රමාණයන්ගෙන් යුත් තිර රෙදි ය.මගේ අත්දැකීමට අනුවතිර රෙදි නිර්මාණය කරන ඒ පුද්ගලයාලවා නියමිත දත්ත ලබා ගැනීමෙන් එම දත්ත වල වගකීම ඔහුට දැරීමට සිදුවේ.යම්කිසි හෙයකින් තිර රෙදි නිර්මාණය කරන පුද්ගලයා ලබා ගත් දත්ත වල අඩුපාඩුවක් තිබීම මගින් ඔබගේ නිවසේ තිර රෙදි වල අසම්පූර්ණතාවයක් හෝ අඩුපාඩුවක් තිබුනහොත් එහි වගකීම ඔහු මත පැවරේ.නමුත් ඔබ ඒවා මැන දෙන්නේ නම් ඔබ ලබාදුන් දත්ත වල නිරවද්‍යතාවයක් නොතිබුණ විට අසම්පූර්ණ තිර රෙදි නිර්මාණය වීම ඔබගේ දත්තවල දෝෂයක් නිසා සිදු වූ බව කියා එහි වගකීම ඔබ මත පටවන්නට ඉඩ ඇත.

මෙහි දී අප අනුගමනය කළ ක්‍රමය වූයේ අපට අවශ්‍ය තිර රෙදි අප ගෙනවිත් ඔවුන් ලවා නිර්මාණය කර ගැනීමයි.තිරරෙදි මසන්නාට අපගේ නිවසට පැමිණ අවශ්‍ය දත්ත ලබා ගැනීමට කියා ඒ සඳහා යන රෙදිවල ප්‍රමාණයඅප ලබා ගතිමු.මහරගම මෙන්ම පිටකොටුවේ ද ඉතා අඩු මුදලකට මෙවැනි කර්ටන් රෙදි ලබා ගත හැකි වෙළඳසැල් පිහිටා ඇත.තිර රෙදි සඳහා අවශ්‍ය සියලුම ද්‍රව්‍ය ඔබට මෙම ස්ථානවලදී ඉතා අඩු මුදලකට මිලදීගත හැක.පිටකොටුවේ නම් වෙළඳසැල් ඇතුලත සහ පිටත වීදියේ සාමාන්‍ය කඩ වල එකම තිර රෙද්ද විවිධ මිල ගණන් යටතේ අලෙවි වනු අපි දුටිමු.ඔබ වෙළඳසැල්වලින් මිලදී ගත්තත් වීදියේ සාමාන්‍ය කඩවලින් මිලදී ගත්තත් රෙදිවල ගුණාත්මකභාවය පරීක්ෂා කරමිලදී ගැනීමට අමතක නොකරන්න.ඇතැම්  වෙළෙදසැල්තොග පමණක් අලෙවි කරන හෙයින් ඔබරෙදි ඉල්ලා සිටීමේදී රෙදි රෝල් පමණක් අලෙවි කරන බව පවසා සිටිය හැකිය.ෆයිව්ස්ටාර් වැනි අලෙවි සල්වලතිර රෙදි
නිර්මාණ සාම්පලතිබෙන අතර ඒවා නරඹා ඔබට සුළු අදහසක් ලබාගත හැකිවේ.එවැනි වෙළෙඳ සල්වලින් ඔබට අවශ්‍ය රෙදි ප්‍රමාණය කුමක් වුවත් රෝල් වලින් කපා ලබාගත හැකිය.

ඔබ කර්ටන්  පොලු යෙදීමට අදහස් කරන්නේ නම් ඒවා නිර්මාණය කරන පුද්ගලයන් සිටි.පිටකොටුව,මහරගමසහ ඇතැම් විට ඔබගේ ප්‍රදේශයේද මෙවැනි  කර්ටන් පොලු  නිර්මාණය කරන ස්ථාන තිබේ.නමුත් නියමිත ප්‍රමිතියකින් ඒවා නිර්මාණය කරනවාද යන්න ගැටළුවක් ඇත.ඇතැමුන් සාමාන්‍ය ලී වලට විවිධඩයි වර්ග යොදා ඒවා නිර්මාණය කරයි.කොසු සඳහා භාවිතා කරන ලී වර්ග මේ සඳහා යොදා ගැනීමට බොහෝ දුරට ඉඩ තිබේ.අපගේ නිවසට ඒවා යෙදීමේ දී නගරාසන්න ප්‍රදේශයක පිහිටි සාමාන්‍ය ස්ථානයකින් එම පොලු සාදවා මිලදී ගතිමු.මහෝගනී තේක්ක ඇතුළු විවිධ වර්ණ ගණනාවකින් එම පොලුලබා ගත හැකි බවපැවසූ හෙතෙම අපගේ ඉල්ලීම අනුව සතියකට පමණ පසු ඒවා ලබා ලබා දුනි.අපගේ නිවසට එම පොලු යොදා මාස හයක් ඉක්ම වීමටත් පෙරමඑම පොලු  වලට ගුල්ලන් ගසා තිබීම නිසා එයට යෙදූ ලී නියමිත ප්‍රමිතියෙන් තොර වූ බව අප තේරුම් ගතිමු.එම ලීපොලු  අඩියක් රුපියල් 275 ක් වැනි මුදලකට අපට ලබා ගත හැකි විය.වර්තමාන වෙළෙඳ පොළේ අඩියක් රුපියල් 250 සිට ඉහලට පවතී.එවැනි අඩු මුදලකට ඔවුන් ඒවා ලබා දී ඔබව රැවටීමට ඉඩ ඇත.

අවශ්‍ය නම් ඔබට යකඩ වලින් හෝ සුදු යකඩ වලින් නිර්මාණය කළ යකඩ බාර්යෙ දීමද සිදු කළ හැක. මෙහිදීද යකඩ බාර් විවිධ වර්ණයන්ගෙන් ඔබට අවශ්‍ය හැඩතල සහිතව සකසා ගත හැකිය.

 නියමිත ප්‍රමිතියකින් නොවන සාමාන්‍ය ලීවලින් සෑදූ ඩයිගැසූ පොලු භාවිතා කරනවාට වඩා තේක්ක මහෝගනී වැනිහොඳ ලී වලින්පොලු සකසා ගැනීම මගින් ඔබගේ මුදල් ඉතිරි කරමින් මනා පැවැත්මක් ද ලබා ගතහැකිය..නුවණින් සිතා බලා නිවැරදි තීරණ ගැනීම තුලින් ඔබගේ මුදල්  නිකරුණේ වැය වීම අවම  කරගනිමින් වංචා සහගත පුද්ගලයන්ගෙන් ඔබට ගැලවීමටද හැකි වනු ඇත.

 

L.H. බන්ඩාර මහත්මිය

සිවිල් එල්කේ ඩොට් කොම් වෙනුවෙනි.

One Response

Leave A Comment

error: Content is protected !!