Our Blog

Thing to wary construction to Brick work

තෝරා ගෙන ආ ගඩොල් හොඳින් පිච්චිලා තිබිය යුතුයි.මෙය ප්‍රධාන වශයෙන් වැදගත්ම දේ වුවත් ක්‍රමානුකූල හැඩයකින් සහ ප්‍රමාණ වලින් තිබිය යුතු ය.

මුහුණක් ගඩොල් ගඩොල් වලින් පමණක් බැම්ම බඳින්නේ නම් එය සඳහා තෝරාගනු ලබන ගඩොල් ඉතා හොඳ තත්ත්වයෙන් තිබිය යුතුය.එක මත එක ඇති ගඩොල් වරි දෙක සිරස් කුස්තූර එකම තියන්න තබා බඳින්න සැලකිලිමත් වන්න

බැම්ම බඳින මදින විට ගඩොලක් වශයෙන් බාගයක් වශයෙන් කාලක් වශයෙන් ගඩොල් කොටස්වලට බෙදා දැම්ම බැලිය හැක මෙහිදී කාලේ ගල් බැඳීමේදී බැලීමේදී මෙය අවශ්‍ය තැනට පමණක් යොදා ගැනීමට සැලකිලිමත් වන්න.

තිරස් මුට්ටු නියමාකාරව තිරස් අතට එක සමාන ලෙස බැඳිය යුතු අතර එසේ කුස්තුර නිවැරදිව තිරස් විය යුතු මෙන්ම එක කෙලින් තිබිය යුතුය

බැමි රටා වර්ග

බැම්ම බඳින විට මේ විවිධ ආකාරවලින් බැඳිය හැකි ය මෙවැනි දේ සිදු කරන්නේ බැම්මේ ශක්තිමත් බව වැඩි කර ගැනීමට මෙන්ම අලංකාරයෙන් බැම්ම අවසන් කර ගැනීමටය

බැමි රටා එකිනෙක වෙන් කොට පෙනෙන්නේ පිට මුහුණේ දකින්නට ඇති පෙනුම මතයි

විශේෂ: බිත්තියක් සාමාන්‍යයෙන් වැදගත් වන්නේ පළල මතය. (ඝනකම) තනි ගලෙන් බඳින (භාග බැම්ම) බිත්තිය හතරාමාරක් පමණ වේ. සැලසුම් වල මෙය අඟල් 4ක් ලෙස දක්වා ඇත. අනෙක් සාමාන්‍ය බිත්ති අඟල් නමය බිත්ති ලෙස සැලකේ. දැන් ඉදිවෙන ගෙවල්වල මේ බිත්ති දැකිය හැකි වන්නේ කපරාදුව දමා අවසන් වූ පසුවයි. එය මේ මෙලෙස වීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ හේතු වී ඇත්තේ දැන් බැම්ම බැඳීම සඳහා යොදාගනු ලබන ගඩොල් ප්‍රමාණයෙන් කුඩා වීම ය එම හේතුව නිසා දැම්ම බැඳ අවසන් වූ පසු එය අඟල් 7 1/2 හෝ අඟල් 8 බැම්මක් ලෙස අවසන් විය හැක. ගල් 1 ½  (13 ½) හෙවත් අගල් 18 බිත්ති ගල් දෙකේ බිත්තියේ ලෙස සැලකේ

ලංකාවේ බහුලව දැකිය හැකි බැමි වර්ග කිහිපයක් පිළිබඳව දැන් අපි සලකා බලමු

  • ඔලු ගල් බැම්ම

  • බඩ ගල් බැම්ම

  • ඉංග්‍රීසි බැම්ම

  • ෆ්ලෙමිශ් බැම්ම

ඔලු ගල් බැම්ම

මෙම බැම්මේ විශේෂත්වය වන්නේ මෙම මෙම බැම්ම ඔලු ගල් වලින් පමණක් ඉදිකිරීමය. මෙය නිවාස බැඳීමට බහුලව භාවිතා නොකරයි, මේ භාවිතයට ගනු ලබන්නේ අලංකාර ඉදිකිරීමටය. උදාහරණ වශයෙන් කවාකාරය ඉදිකිරීමක් දැක්විය හැකියි

බඩ ගල් බැම්ම

අගල් 4 ½  බැමි ඉදි කරනු ලබන්නේ බොහෝ විට මෙවැනි ක්‍රමයටය. මෙවැනි වරි දෙකකට වරක් බැවින් ගලේ බඩගල පමණක් ප්‍රධාන වශයෙන් යොදාගෙන ඉදිකිරීම් සිදුකරනු ලබයි. අනෙක්වා ඉදිකිරීමේදී ගඩොලෙන් බාගයක් (භාග ගලක්) ඔළුව සේ සිටින සේ තබා ඉදිකිරීම් කටයුතු කරනු ලබන්නේ.

රූප සටහන බලන්න.   මේ අනුව ඔබට තේරුම් ගත හැක

ඉංග්‍රීසි බැම්ම

මෙයත් පෙර මෙන් වරි දෙක දෙවිදියකට හැඩයෙන් නිර්මාණය වී ඇත. මෙය හොඳ ශක්තිමත් බැම්මක් මෙන්ම හොඳ නිමාවක් ලබා දෙනවා. මෙහි වරි ගමන් කරනු ලබන්නේ එකක් ඔලුගල් වරියක් ද අනෙක බඩ ගල් වරියක් ලෙස ය. ඔලුගල් වරියේ පළමු ගල ට පසුව ආන බාන්දුව තබා බැම්ම ඉදිරියටබැඳ ගෙන යයි.

ආන බාන්දුව ගැන කලින් ලිපියක දක්වා ඇත එය නැරඹීම සඳහා පහත ලිපිනය ඔස්සේ යන්න

ගඩොල් -Brick

ෆ්ලෙමිශ් බැම්ම

මෙම බැම්ම බඳිනු ලබන්නේ එකම ගල් වරියක බඩ ගල ළඟට ඔලුගලක් තබා බැඳීම මගිනි. ෆ්ලෙමිෂ්බැම්ම ප්‍රධාන ආකාර දෙකකට ඉදිරිපත් කළ හැකි ය.

  1. ඒකීය ෆ්ලෙමිශ් බැම්ම

  2. දිවිතීය ෆ්ලෙමිශ් බැම්ම

ඒකීය ෆ්ලෙමිශ් බැම්ම

මෙම බැම්ම වඩා යොගය වන්නේ අගල් 1 ½ බැම්ම ඉදිකිරිම සදහාය.මෙය බැදීමේදී එක් එක් ගල් වරියෙහි මුහුණ තියෙන පැත්ත ෆ්ලෙමිශ් බැම්මෙන් ඉදිකර ඇතුළු බැම්ම ඉංග්‍රිසි බැම්මෙන් ඉදිකරන්න පුළුවන්. මේ විදිහට ඉදිකරනු ලබන්නේ ෆ්ලෙමිශ් බැම්මට ඉදිකිරීමට වැඩි  වියදමක් යන නිසාය.

දිවිතීය ෆ්ලෙමිශ් බැම්ම

මෙම බැම්ම ඉංග්‍රිසි බැම්මට සමාන වන නමුත් ඉදිකිරීමේදී එක් එක් ඔලුගලට, බඩගල මත හරි මැදින් වැටෙන ලෙස බදිනු ලැබේ.එහෙත් ඉංග්‍රිසි බැම්මේ දකින්නට ලැබෙන වර්ගයේ ඔලුගල යොදා කරන නිම කිරීම් දකින්නට නොලැබෙයි.

මෙම බැම්ම ඉංග්‍රිසි බැම්ම තරම් ශක්තිමත් නැහැ. එහෙත් මෙය ඉංග්‍රිසි බැම්මට වඩා පෙනුමෙන් හා ලාභ දායක බවින් යුක්තය.

Leave A Comment

error: Content is protected !!