Our Blog

පෙදරේරුවන් සමග ගනුදෙනු කිරීමේදී දැන සිටිය යුතු වචන කිහිපයක්

මේ වචන ගොඩක් වෙලාවට යොදා ගන්නේ බැම්ම සමගයි. බාස් කෙනෙක් එක්ක කතා කරන කොට මේ වගේ වචන දැනගෙන ඉන්න එක වැදගත් වෙයි කියලා හිතලා තමා මේ ලිපිය දැම්මේ.

පතුල- ගඩොල් 9″x 4 1/2 ” දෙපැත්තෙන් හෙවත් දෙකෙවර පැති

;ඔළුව – ගඩොල් 4 1/2 x 3″

බඩවත- 9″x 3″ පැති

මුහුණ- ගඩොල්  කැටයක ඔළුව, බඩවත මුහුණ ලෙස සලකයි

ගිල්ලුම -ගඩොල් ඔළුව දෙකකින් එකක් හෝ දෙකෙහිම හෝ ඇති අංශයෙන් චතුරක්ෂාකර වූ හෝ තිකොනයක හරි ත්‍රපිසොයිඩාකාර වූ වක්‍රයක් නොහොත් නැම්මක්

වීශේෂ:අච්චු ගඩොල් වල මේ කියන් එක දකින්න ලැබෙන්නේ නැහැ. මේ විදිහට ගිල්ලුමක් තියෙන එකේ වාසිය තමා එක සම්පුර්ණයෙන්ම බදාමයෙන් වැහෙන එක.එකේන් බිත්තියේ බැම්ම තුනියට ලස්සනට සදා ගන්න පුළුවන්.

පතුල් මුට්ටු: ගඩොල්වල පතුලේ ඇති බදාම මුට්ටුව තමා මේ. මෙය අගල් 1/8 සිට ½ දක්වා තියෙනවා. එහෙත් සම්මතයක් විදිහට පිළිගන්නේ 3/8 බැම්මයි.

වරිය: බැම්මක ඇති ගඩොල් පේලීය සහ පතුලේ තියෙන බදාම බැම්ම සහිත පේළියට ඇති කොටස බඩගල් වරිය ලෙස හදුන්වයි.

විශේෂ: මුහුණත තබා බදින ගල් වරිය “ රෝලොක් ” එක කියලා කියනවා. මේක අත්තිවාරම් බැදීමේදී පහසුවෙන් හදුනා ගන්න පුළුවන්. මේකෙම අනිත් පැත්ත තබා බදින ගල් වරිය  “ගිට් ” වරිය (සොල්ජර් වරිය ) යනුවෙන් තමා හැදින්වෙන්නේ.

සිරස් කුස්තුර: සිරස් අතට ඇති බදාම තට්ටුව හෝ ලඹයක් මගින් රේඛාවක් ගැනීමේදී ඒ හා රේඛාවකට සමාන වන සියලුම දේ.

මුට්ටු කඩ: ගඩොලක් යටින් හෝ උඩින් හෝ ඇති සිරස් මට්ටුවකින් වැතිරී තිබෙන් ප්‍රමාණයේ දග( මේක අගල් 2-4 ½ අතර වෙනවා)

පඩි පැන්නුම: බිත්තියක් බදිද්දි එක් කොටසක් ඊළග කොටසට වඩා උසින් වැඩිව බදින කොට එම බැම්ම පඩිපෙලක් හැඩයට බැදීම.

විශේෂ: මේ ඉහත සදහන් පැන්නුම අඩි 3 වඩා වැඩි වෙන්න බැහැ.

දත් පැන්නුම: බැම්ම යම් කිසි දවසක ඉදිරියට බැදගෙන යාම සදහා ගල් පන්නා ඉදිකරන කොටස

වීශේෂ: මෙලෙස බැම්ම බදින්නේ නැත්නම් බිත්ති සම්බන්ධ කිරීමේ ගල්වරි තුනෙන් තුනට හෝ හතරට හතර ලෙස ගලවා බැදිය යුතුයි.

Leave A Comment

error: Content is protected !!