Our Blog

ගඩොල් -Brick

ඔන්න හුග කාලේකට පස්සේ ආයේ ලිපියක් අරගෙන ආවා. දැන් නම් ඉස්සර වගේ දිගටම ලිපි ලියන්න ටිකක් වෙලාවක් වෙන්කර ගන්න අමාරුයි. මම පුළුවන් වෙලාවට ලිපියක් මේකේ දාන්නම්. ඔයාලා FB Page එකට Like එකක් දාලා තියෙනවානම් post එක දාපුවම Facebook එකෙන් හොයා ගන්න පුළුවන් වෙයි. නැත්නම් සතියට සැරයක් වගේ Site එක පැත්තේ ආවත් හරි.

ඒ කතාව හරි.අද මම කියන්නේ යන්නේ ගඩොල් ගැන විස්තර ටිකක්.

ගඩොල් නිෂ්පාදනයේදී ප්‍රධාන වශයෙන් ගඩොල් නිෂ්පාදනය සදහා යොදා ගනු ලබන්නේ සිලිකා සහ ඇලුමිනා, හුණු, යකඩ,මැග්නීසියම් සුලු ප්‍රමාණයන් සහිත මැටි වර්ගයි.

ලංකාවේ ප්‍රධාන වශයෙන් ඉදිකිරීම් වලට යොදා ගන්නා ගඩොල් වර්ග කිහිපයක් දකින්න පුළුවන්. අපි දැන් ඒ එකින් එක ටිකක පැහැදිලි කර ගමු.

ඉංජිනේරු ගඩොල්

අපි එදිනෙදා භාවිතයට ගන්නා ගල් වර්ගය මේ නමින් හදුන්වන්න පුළුවන්. එහෙත් නියම ඉංජිනේරු ගල මිට වඩා වෙනස්. මම මේ ගලේ දකින්න පුළුවන් විශේෂ දේවල් ටිකක් කියන්නම් ඒ අනුව ඔයාලම මේ ගැන තීරණය කරන්නකෝ එහෙනම්,

  • ඝනත්වයෙන් හා දැඩි බවෙන් වැඩියි.

  • වයනයෙන් සියුම්ය.

  • අදික බර දරා සිටීමේ ශක්තියෙන් යුක්තයි.

  • සවි ශක්තියෙන් වැඩියි.( තෙතමනයට ඔරොත්තු දෙනවා)

  • මේ ගල සමාන්‍ය ගලට වඩා මිලෙනුත් වැඩියි.

  • බර සමන්න්යෙන් ගත්තොත් කිලෝගෑම් 3.5-4.5 අතර වෙනවා.

  • මනා පිලිවෙලින් යුත් නිමාවක් දකින්න පුලුවන්.

මෙම ගඩොල් වලින් ආධාර බැමි,මන්හෝල් වගේ නිසි නිමාවක් අවශ්‍ය දෑ නිපදීමට යොදා ගනී.

සාමාන්‍ය ගඩොල්

මෙන්න මේ ගල තමා අපි එදිනෙදා පාවිච්චි කරන ගල් එක වෙන්නේ.මේවගේ ලක්ෂණ අමුතුවෙන් කියන්නේ ඕනේ නැහැ කියලා හිතනවා.

ගිනි ගඩොල්

මෙය නිපදවන විදිහ ගැන රජයෙන් නිකුත් කරනු ලැබූ අත් පොතක එය සදහන් වෙන්නේ ” අධි විලයකෙයෙන් සහිත නිවියරෙන මිටියෙන් නිපදව තද මුට්ටු සහිත නොවියරෙන බදාම යොදනු ලැබේ.

මේලෙස ගඩොල් වර්ග  ඕන තරම් තිබුනත් සෑම ගඩොලක්ම බරක් දරා සිදීමට හැකි වෙන ලෙස නිපදවන්න ඕනේ.මිට අමතරව සෑම ගඩොලකම දැකිය යුතු පොදු ගුණාංග කිහිපයක් තියෙනවා. අපි දැන් ඒ ගැන කතා කරමු.

  • ගින්නට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න ඕනේ.

  • පරිවරණය බව

  • සිත්ගන්නා සුළු පෙනුම

  • කාලගුණ බලපෑම්වලට ඔරොත්තු වෙන ගතිය වගේ දේවල් තියෙන්නේ ඕනේ.

බැමි බැදීමේදී දකින්න පුළුවන් විශේෂ ගල් වර්ග දකින්න පුළුවන්. පහල රූපවලින් දකින්න තියෙන්නේ ඒ දේවල් තමයි.

Leave A Comment

error: Content is protected !!