අන්තර් ජාතික විදුලි ඉංජිනේරු නීති මාලාව-IEE regulations for electrical installations

අපේ අය wiring වැඩ කරද්දී බොහෝ විට කරන්න පුරුදු වෙලා ඉන්නේ අතේ ප්‍රමාණයට එය සිදු කරන්න. මේ වැඩේ හරියටම වුනාට පොදුවේ පිළිගත් නීති කිහිපයක් තියෙනවා මේවා මේ උසකින් මේ විදිහට තමා කරන්නේ කියලා. එම නීති මාලාව අන්තර් ජාතික විදුලි ඉංජිනේරු මාලාව කියලා කියන්නේ. දැන් ඉන්න විදුලි වැඩ සම්බන්ද බොහෝ දෙනෙක් මෙය දන්නවා වුනාට නිවසේ Design එකේ ඇති ගැටලු තමාගේ පහසුව තකා මේ දේ කරන්න පෙලෙබෙන්නේ නැහැ.මෙය කියවා ඔයාලට විදුලි වැඩ සම්බන්දව අවබෝදයක් ගන්න ලබා ගැනීමට හැකි වෙයි.

  1. සජීවී රැහැන් (Live Wire) සෑම විටම Switch එකෙහි දකුණු පසට සවි කළ යුතුය.

  2. සජීවී රැහැන් (Live Wire)  කෙවෙනි පිටුවානක (socket outlet) දකුණු පසට සවි කළ යුතුය.

  3. ලෝහ ආවරණ සහිත විදුලි උපකරණ සඳහා භූගත රැහැන්(Earth wire ) සම්බන්ධ කළ යුතුය.

  4. බෙදා හැරීමේ පුවරුවේ උප පරිපථ (sub circuits) පිළිබඳව පැහැදිලිව සඳහන් කළ යුතුය.

  5. එක් කාමරයක ඇති කෙවෙනි පිටුවාන්( socket outlet) එක් කලාවකට සම්බන්ධ කළ යුතුය.

  6. අඩු වෝල්ටීයතාවයකින්(low voltage) ක්‍රියා කරන සෑම උපකරණයකම ඒ පිළිබඳව පැහැදිලිව සඳහන් කල යුතුය.

  7. උප පරිපත(sub circuits) එකකට වඩා ඇත්නම් ඒවා බෙදා හැරීමේ පුවරුවට සම්බන්ධ කළ යුතුය.

  8. බෙදා හැරීමේ පුවරුවේ උදාසීන රැහැන්(neutral wires) පරිපථ  පිළිවෙලට සම්බන්ධ කළ යුතුය.

  9. ඇලුමිනියම් සන්නායක තඹ සන්නායක සමඟ කෙළින්ම සම්බන්ධ නොකළ යුතුය.

  10. P.V.C රැහැන් සඳහා 60 ‘Cවඩා වැඩි උෂ්ණත්වයක් නොපැවැත්විය යුතුය.

  11. එල්ලා ඇති විදුලි උපකරණ වලට සුනම්‍ය රැහැන් හරහා විදුලිය ලබා දිය යුතය.

  12. තෙල් පුරවන ලද විදුලි උපකරණ ගොඩනැඟිලි වල සිට මීටර් 30(30m) කට වඩා ඈතින් සවි කළ යුතුය.

  13. නාන කාමර ඇතුළත කෙවෙනි පිටුවාන් (socket outlet) සවි නොකළ යුතුය.(සවි කිරීම අත්‍යවශය නම් පමණක් කෙවෙනියට වතුර ඇතුළු නොවන සේ කටයතු කිරීමට වග බලා ගත යුතුය.)

  14. භූගත රැහැනේ (Earth wire )  මූට්ටු සියල්ලම ඊයම් වලින් පෑස්සිය යුතුය.

  15. කෙවෙනි පිටුවාන්(socket outlet) හෝ telephone outlet පොළවේ සිට 300 mm ට වඩා වැඩි උසකින් සවි කළ යුතුය.

  16. ස්ථීරවම සවිකළ විදුලි උපකරණ වල සිට ඒවායේ switch වලට දුර මීටර් 02(02m) කට වඩා අඩු විය යුතුය.

  17. උප පරිපථ වල(sub circuits) සජීවී රැහැන් (Live Wire)  විලායක හෝ සිඟිති පරිපථ හෝ Switch හරහා සවිකළ යුතුය.

  18. උදාසීන රැහැනට (neutral wires)  කිසි විටකත් විලායක නොයෙදිය යුතු අතර අවශ්‍යනම් සජීවී රැහැන සමඟ විසන්ධි වන Switch එකක් භාවිත කළ යුතුය.

  19. භූගත රැහැන් කිසි විටෙක විලායක හා Switch හරහා සම්බන්ධ නොකළ යුතුය.

  20. ගෘහස්ථ විදුලි සැපයුමේදී උපරිම වෝල්ටීයතා බැස්ම සැපයුම් වෝල්ටීයතාවයෙන් 2.5% ට වඩා අඩු විය යුතුය.

  21. Switch බිම සිට 1520 mm උසකින් සවි කළ යුතුය.

  22. පාරිභෝගික ඒකකය(consumer unit) බිම සිට 1680 mm උසකින් සවි කළ යුතුය.

  23. විදුලි පහන් බිම සිට 2400 mm උසකින් සවි කළ යුතුය.

  24. විදුලි පංකා බිම සිට 2400 mm උසකින් සවි කළ යුතුය.

  25. බිත්තියේ සවි කරන පහන් අල්ලු (bulb holder) සවි කළ යුතු අවම උස 2290 mm වේ.

  26. එක්සෝස්ට් ෆෑන්(Exhaust fan) සවි කළ හැකි අවම උස 2400 mm

  27. උඳුන් පාලක Switch සවිකළ යුතු අවම උස 1370 mm වේ.

  28. ඇඳ අසල සවිවන Switch සවි කළ යුතු අවම උස 1370 mm වේ.

  29. විදුලි මීටරය සවි විය යුත්තේ විදුලි බල මණ්ඩලයේ නිළධාරීන්ට පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයකය.

  30. ව්දුලි ස්ථාපනයකදී යෙදිය හැකි කුඩාතම භූගත වයරයේ හරස්කඩ ක්ෂේත්‍රඵලය 2.5mm වේ.

මේ ලිපය සදහා තොරතුරු ලබා ගැනීමට මුලාශය කර ගත්තේ තාක්ෂණවේදියෝ (thakshanawediyo.blogspot.com) නමින් ඇති Web අඩවියයි.(උසස් පෙළ තාක්ෂණ විෂය මුල් කරගෙන ලියනු ලබන Site එකකි)

 

Facebook Comments

Leave A Comment