වාස්‌තු ශිල්පයට අනුව නිවසේ පූජාසනය සකස්‌ කර ගන්නා අයුරු

අද වන විට බොහෝ දෙනෙක් විශ්වාස කරන දෙයක් තමා වස්තු විද්‍යාව. මේ Post එක දාන්න ප්‍රධාන උන හේතුව එකයි. දිවයින විශේෂාංග නරබමින් ඉන්න කොට තමා මේ ලිපි පෙළ මම දැක්කේ. එම නිසා මෙහි අයිතිය මා සතු නොවන බව දන්වන්න කැමතියි. සියල්ලගේම අයිතිය දිවයින සගරාව සතු වෙයි.

මහා වාස්‌තු ශිල්පය ලෝකයාගේ යහපත පිණිස ලොවට දායාද කළේa ශ්‍රී විෂ්ණු දෙවියන් බව ඔබ දැනටමත් දන්නවා. මහා වාස්‌තු ශිල්පය අනුරාධපුර යුගයෙන් පසුව අතුරුදන් වූ අතර එය ඉතා රහසිගත ලෙස භාවිත කිරීම පසු කාලවලදී දක්‌නට ලැබුණා. අනුරාධපුර යුගයෙන් පසුව බිහි වූ සෑම බලගතු රජකෙනෙක්‌ පසු පසම මහා වාස්‌තු රහස්‌ තිබූ බව කිව යුතුයි. වසර දහස්‌ ගණනක්‌ පුරා ලෝකයේ අප්‍රසිද්ධව භාවිත කළ මහාවාස්‌තු ශිල්පයේ සිද්ධාන්ත ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය උදෙසා ලබා දෙන්නේ ශ්‍රී විෂ්ණු දෙවියන් මේ ශ්‍රී ලංකා ද්වීපයත් බුදු සසුන ආරක්‍ෂා කරන බැවිනි. දෙවියන්ගේ අධිපති වූ ශ්‍රී විෂ්ණු දෙවියන් උදෙසා පින් අනුමෝදන් කොට ඔබටත් මහා වාස්‌තු ශිල්පයේ පිහිට ලබා ගැනීමට අවැසි ඔබගේ නිවසේ පූජාසනය සකස්‌ කර ගන්නා පිලිවෙල කියා දීම මෙම ලිපියේ ප්‍රධාන අරමුණ වේ.

ශ්‍රී ලංකාද්වීපයට වඩාත් බලවත් වන්නේ ශ්‍රී විෂ්ණු දෙවියන් බව ඔබ දන්නවා. අනෙකුත් සියලු දෙවියන්a ශ්‍රී විෂ්ණු දෙවියන් විෂයෙහි නමස්‌කාර කරන බව මතක තබා ගන්න. බුදුරාජාණන් වහන්සේ විසින් සම්බුද්ධ සාසනයත් ශ්‍රී ලාංකා ද්වීපයත් අරක්‍ෂා කිරීම පිණිස ශ්‍රී විෂ්ණු දෙවියන්ට භාරදුන්නේ එබැවිනි. ශ්‍රී ලාංකියන් වන අප සැවොම කුමන ජාතියක කුමන ආගමක වුවද ශ්‍රී විෂ්ණු දෙවියන්ට ගෞරවයෙන් වන්දනා කළ යුත්තේ එබැවිනි. ඔබගේ නිවසට විශ්වයේ ශක්‌තිය බලවත්ව ලබා ගැනීම උදෙසා ඔබ මහා වාස්‌තු ශිල්පයේ සඳහන් ආකාරයට නිවසේ පූජාසනය සකස්‌ කළ යුතු වෙනවා. එවිට ඔබගේ ගෘහයට විෂ්ණු දෙවියන්ගේ ආකාර්ශනය ලැබී දේව ශක්‌තීන්ගෙන් උද්දීපනය වනු ඇත. මේ නිසා නිවසේ සෑම තැනම යහපත් විශ්ව තරංග බලවත් වී වාස්‌තු දෝෂ සමනය වීම සිදුවෙනවා.

නිවසේ පූජාසනය සඳහා තැන තෝරාගන්න

මහා වාස්‌තු ශිල්පයට අනුව ඔබගේ නිවසේ පූජාසනය සකස්‌ කළ යුත්තේ ඉතාමත් පිරිසිදු සහ ඉතාමත් ගෞරවාන්විත ස්‌ථානයේ බව සඳහන් වෙනවා. ඒ අනුව පහත සඳහන් ස්‌ථානයන් ඒ සඳහා සුදුසු වෙනවා.

* නිවසේ ඊශාන කොටස

* නිවෙස්‌ උතුරු කොටස

* නිවසේ නැගෙනහිර කොටස

* නිවසේ බ්‍රහ්ම පාදය

ඉහත සඳහන් කළ කොටස්‌ තුළ ඔබගේ පූජාසනය සකස්‌ කර ගත හැකිනම් ඉතාමත් යහපත් වෙනවා. එහි දී නිවසේ පූජාසනය සකස්‌ කිරීම සඳහා වෙන්කළ කාමරයක්‌ හෝ සාලයේ නිදහස්‌ පරිශ්‍රයක්‌ තිබීම වැදගත් වෙනවා. ඔබගේ නිවස දෙමහල් නිවසක්‌ නම් උඩුමහලය පෑගෙන සේ යට මාලයේ පූජාසනය සකස්‌ කරන්න එපා. එසේම වැසිකිලි බිත්තියට, මුළුතැන්ගෙයි බිත්තියට මෙන්ම උළුවහු උඩට, පඩිපෙළේa යටට, හෝ පඩිපෙළ පරිශ්‍රය තුළ මෙන්ම ගරාජය ඒ සඳහා තෝරා ගැනීම බලවත් වැරැද්දකි. මීට අමතරව කුඩා කණුවල සකස්‌ කළ පූජාසන නිවසින් පිට තියන්න එපා. නිවසින් පිට ඔබ පූජාසනයක්‌ පිළිsයෙළ කරනවානම් එය නිසි පරි ම සිදුකළ යුතුයි. මෙහි දී නියමිත ශාවේ, නියමිත උසට, නියමිත පලලට, නිවසේ සිට නියමිත දුරකින් හා නියමිත කෝණයෙන් පූජාසනය ඉ කිරීම කල යුතු අතර එසේ නොවුන විට පූජාසනයේ යහපත් ප්‍රතිඵල නැති වී යනවා.

පූජාසනය සකස්‌ විය යුතු පිළිsවෙළ

ඔබගේ නිවසේ පූජාසනය සඳහා තැන තෝරාගත් පසුව පූජාසනය මහා වාස්‌තු ශිල්පයට අනුව සකස්‌ කර ගත යුතු වෙනවා. එහි දී පූජාසනයේ ස්‌ථර තුනක්‌ සකස්‌ කිරීම සඳහන්ව පවතිනවා. එම ස්‌ථර තුන පහත පරි හඳුනා ගනිමු.

* බුද්ධ ස්‌ථරය (බුද්ධ)

* රහතුන් සහ මහා දේව ස්‌ථරය (බ්‍රහ්ම)

* දේව ස්‌ථරය (දේව)

ඉහත සඳහන් කළ ආකාරයට ඔබගේ පූජාසනයේ ස්‌ථර තුන පිළිවෙලට සකස්‌ කර ගන්න. ඔබ සෑම විටම පූජාසනයේ ඉහළම ස්‌ථරය ඔබගේ ශාස්‌තෘන් වහන්සේට ලබා ය යුතුයි. මීළඟ ස්‌ථරය රහතුන් වහන්සේලාට සහ මහ දෙවියන් උදෙසා ලබා ය යුතු අතර තුන්වන ස්‌ථරය අනෙකුත් දේව මණ්‌ඩල සඳහා ලබා ය යුතුයි. මෙම ස්‌ථරය තවත් ආකාරයකට හැඳින්විය හැකි අතර එය බුද්ධ ස්‌ථරය, බ්‍රහ්ම ස්‌ථරය සහ දේව ස්‌ථරය වශයෙන් මහා වාස්‌තු වල සඳහන්ව තිබෙනවා. ඔබගේ නිවසේ පූජාසනය මෙසේ සකස්‌ කළ හැකිනම් ඔබට විශ්වයේ ශක්‌ති උපරිම වශයෙන් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

පූජාසනයේ ප්‍රතිමා තැන්පත් කරන පිළිවෙල දැනගන්න.

ඔබගේ පූජාසනයේ ස්‌ථාන සහ ස්‌ථර හඳුනාගත් පසුව එහි ප්‍රතිමා තැන්පත් කිරීම සිදුකරනු ලබන්නේ බුද්ධකාලයේ බුද්ධ, ධම්සභා මණ්‌ඩපයේ රැස්‌ව සිටි ආකාරය අනුව විය යුතුයි. එහි දී සෑම විටම පළමු ස්‌ථරයේ සාස්‌තෘන් වහන්සේගේ පිළිමය තැන්පත් කළ යුතු අතර දෙවන ස්‌ථරයේ එනම් බ්‍රහ්ම ස්‌ථරයේ බුදුන්වහන්සේට වම් පසින් රහතුන් වහන්සේලාගේ පිලිම (සැරයුත්, මුගලන්, සීවලී) තැන්පත් කළ යුතු අතර දකුණු පසින් මහා විෂ්ණු දෙවියන්ගේ පිලිමය තැන්පත් කළ යුතු වෙනවා. තුන්වන ස්‌ථරයේ පිලිම තැන්පත් කිරීමටත් අවශ්‍ය නොවන අතර එම ස්‌ථරයේ ඕනෑම දෙවිකෙනකුට වැඩ සිටීමට ආරාධනා කළ හැකි වෙනවා.

මහා වාස්‌තු පූජාසනය

දෙවිවරුන් බුදුරාජාණන් වහන්සේට වන්දනා කොට එකත් පසව දකුණු පසින් වැඩ හිටි බව සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා. ඔබගේ නිවසේ පූජාසනය දකින විට අතීත බුද්ධ මණ්‌ඩපය පිහිටන ලෙස සකස්‌ කළ යුතු අතර දෙවිවරු එවිට වඩාත් සතුටට පත් වනු ඇත. ඔබගේ පූජාසනයේ පළමු තැන බුදුන්ට හිමි විය යුතු අතර ඉන්පසුව ශ්‍රී විෂ්ණු දෙවියන්ට සහ රහතන් වහන්සේලාට වෙන් විය යුතු වේ. මීට අමතරව පූජාසනයේ පිලිම තබන ශාව ඉතා වැදගත් විය යුතු වෙනවා. ඔබගේ පූජාසනයේ පිලිම තැන්පත් කළ යුත්තේ ඊශානට, උතුරට හෝ නැගෙනහිර ශාව බලා වන්දනා කළ හැකි පරි වේ. මීට අමතරව පුජාසනය මත එක පහනක්‌ පමණක්‌ දැල් විය යුතු අතර දැල්ල ප්‍රතිමාවේ ශාවට හරවා තැබීම කළ යුතුයි. මල් පූජාවේ දී සුදුපාට සහ නිල්පාට මල් පූජා කල හැකි නම් වඩාත් බලවත්වන බව මහා වාස්‌තු වල සඳහන් වෙනවා. නිසි පරි බුදුන් වැඳ පූජාවන් සිදුකොට විෂ්ණු දෙවියන් ඇතුළු ව්‍ය මණ්‌ඩල වලට සහ ඔබගේ ඉටු දෙවියන් උදෙසා සෑම විටම පින් අනුමෝදන් කිරීමෙන් ඔබගේ ගෘහයේ සියලු වාස්‌තු දෝෂ දුර්වල වී විශ්ව ශක්‌ති බලවත් වන අතර ශ්‍රි විෂ්ණු දෙවියන්ගේ ව්‍ය නෙත් ඔබගේ ගෘහයටත් ආලෝකය ලබා දෙනු ඇත. ‘මහා වාස්‌තු” සිද්ධාන්ත ගැන වැඩි විස්‌තර සදහා 071 – 4402574 / 081- 2386 577 අමතන්න.

ශාස්‌ත්‍රවේදී වාස්‌තුවිද්‍යා විශාරද ඩි.යු. සෙනරත්

—————————————————————————————————————————

බුදු පිළිම වහන්සේ වඩා හිඳවීමට, දිසා බලය යොදා ගැනීම.

සුබ දිසාව සොයා ගැනීම

තව වාසස්‌ථානයේ වෙළෙඳ ආයතනයේ බුදු පිළිම වහන්සේ වඩා හිඳවීම ට පළමු සුබ දිසාව තෝරා ගත යුතුය. පුරාණයේ හෙළදිව පළමු දාගැබ දිවයිනේ ඊසාන දිසාවට අයත් වෙන තිරියායේ පිහිටා ඇත. ඇත්ත වශයෙන් මෙම දිසාවේ බලයක්‌ තිබේ ද, යන්න පළමු ඔබ අවබෝධ කරගත යුතුය. ඒ සඳහා ඔබ සුබ දිසාව සොයා ගැනීමට දැන ගෙන සිටිය යුතුය. සෑම දිනක ම උදය කාලයේ ඔබ හිරු දෙස බලන විට, ඔබගේ වම් අත ඇති දිසාව උතුරයි. හිරු සිටින දිසාවත් උතුරත් අතර මැදි දිසාව ඊසාන දිසාවයි.

දිසා බලය හඳුනා ගැනීම

ඔබ ඉගෙනීම කරන අයෙක්‌ නම් ඊසාන දිසාව ට විවෘත ජනේලයක්‌ අසල පොත් මේසය තබාගෙන ඊසාන දිසාවට මුහුණලා පාඩම් කරන්න. කිසියම් රාජකාරියක්‌ සඳහා මහජනයා පිළිගැනීම කරයි ද, එසේ නම් ඊසාන දිසාව දෙසට ඔබගේ බැල්ම යොමු විය යුතුය. කිසියම් සාකච්ඡාවක්‌ සඳහා ඔබ සූදානම්ව සිටින අවස්‌ථාවක නම් එම අවස්‌ථාවේ දීද ඔබ ඊසාන දිසාව දෙස ට ඔබ මුහුණ ලා වාඩිවන්න. ජය ලබා ගැනීමට ඇති අවස්‌ථාවල දී පහසුවෙන් යමක්‌ අවබෝධ කර ගැනීමට අපහසු අවස්‌ථාවල දී, අන් අය පහසුවෙන් තේරුම් ගැනීමට අපහසු අවස්‌ථා වල දී ඊසාන දිසාවට හැරී කටයුතු කරන්න. එවිට ඔබට දිසා බලය හඳුනා ගත හැක. ඒ මෙන්ම ඔබගේ ආගමික වතාවත් කිරීමට සුදුසු ම ස්‌ථානය ඊසාන දිසාවයි. තම වාසස්‌ථානයේ වෙළෙඳ ආයතනයේ බුදු පිළිම වහන්සේ වඩා හිඳවීම ට, පළමු සුබ දිසා වන ඊසාන තෝරා ගත යුතුය.

දිසා බලය ලබා ගැනීම

දිසා බලය ලබා ගැනීමට තම වාසස්‌ථානයේ වෙළෙඳ ආයතනයේ උතුර නැගෙනහිර දිසා ඉතා පිරිසිදු විය යුතුම ය. එම දිසාවෙ වැසිකිළි කැසිකිළි වළවල් තිබීම නිසා ද, දිසා බලය ලැබෙන්නේ නැත. එ මෙන්ම මෙම කරුණු වෙත ද, දැඩි අවධානය යොමු කරන්න. වැසිකිළි කැසිකිළි පිහිටා තිබීම, අපිරිසිදු කාණු පද්ධති පිහිටා තිබීම, ඉවතලන කුණු කසළ රැස්‌කර තැබීම, දුගඳ හමන දැ තැබීම, අපිරිසිදු ඇඳුම් තැබීම, සතුන්ගේ කූඩු තිබීම, මාළු ටැංකි තිබීම, එම දිසාවේ කාමර වල කුඩා ළමුන්ගේ මළ මුත්‍ර වලින් අපිරිසිදු නම් ඉතා අයහපත්ය. මෙම බලපෑම වාසස්‌ථානය වෙළෙඳ ආයතනය පිහිටි ඉඩමට ද එක සේ සාධාරණය.

ඔබගේ දිසාව අපිරිසිදු වී දිසා බලය පිරිහුණු විට

ඔබගේ දිසාව අපිරිසිදු වී දිසා බලය පිරිහුණු විට හෙට දවස හෙවත් ඉදිරිය දැකීමේ නුවන අඩුවීම, ආගමික කටයුතුවල දී සිත කිලිටි වන දේ සිදුවීම. දිනෙන් දින අසාර්ථකත්වය ඇති වීම. වෛරය, කේන්තිය ඇතිවීම, ස්‌ථාන උචිත නුවන නැතිවීම. (තැනේ හැටියට ඇනේ ගහනවා යන අදහස දෙන අරුතින් කියවෙන අදහස නොව නිවැරැදි දැක්‌මක්‌ ඇති වීම) සුවකළ නොහැකි, කල් පවතින ලෙඩ රෝග ඇතිවීම, ජීවිතය අසතුටින් ගෙවා මිය පරලොව යැම නිසා අපාගත වීම.

අට කෝණ කැපෙන රේඛා

වාසස්‌ථානයේ වෙළෙඳ ආයතනයේ අට කෝණ කැපෙන රේඛාවන්ට අසුවන පරිදි බුදු පිළිම වහන්සේ වඩා හිඳවීම. වාසස්‌ථාන වෙළෙඳ ආයතනය පිහිටි ඉඩමේ අට කෝණ කැපෙන රේඛා වන්ට අසුවන පරිදි බුදු පිළිම වහන්සේ වඩා හිඳවීම ඉතා අසුබය. ගෘහ මූලික බාහිර පීඩන, වැරදි සිතුවිලි ඇතිවේ.

යට ලී යට

වාසස්‌ථානයේ වෙළෙඳ ආයතනයේ මුදුන් යට ලී යටින් ම සිටින සේ බුදු පිළිම වහන්සේ වඩා හිඳවීම ඉතා අසුබය. වාසස්‌ථානයේ වෙළෙඳ ආයතනයේ මැදින් ඇති යටලී යටින් ම සිටින සේ බුදු පිළිම වහන්සේ වඩා හිඳවීම ද ඉතා අසුබය.

බාල්ක යට

වාසස්‌ථානයේ වෙළෙඳ ආයතනයේ බාල්ක යට, බුදු පිළිම වහන්සේ යටින් ම සිටින සේ වඩා හිඳවීම ඉතා අසුබය. මෙය සිමෙන්ති බීම් වලට ද සාධාරණය.

කුරුපා යට

වාසස්‌ථානයේ වෙළෙඳ ආයතනයේ වහලයේ බර උසුලන කුරුපා යටින් ම සිටින සේ බුදු පිළිම වහන්සේ වඩා හිඳවීම ඉතා අසුබය.

බුදු පිළිම වහන්සේ ගේ සිරස ට උඩින් සිටින සේ බර තැන්පත් කිරීම, අපිරිසිදු දැ තැන්පත් කිරීම, බුදු පිළිම වහන්සේගේ සිරස ට උඩින් සිටින සේ ඉහළ මහල වල වැසිකිළි කැසිකිළි පිහිටා තිබීම, බුදු පිළිම වහන්සේගේ සිරස ට උඩින් සිටින සේ ඉවත ලන කුණු කසළ රැස්‌කර තැබීම, බුදු පිළිම වහන්සේගේ සිරසට උඩින් සිටින සේ දුගඳ හමන දැ තැබීම, බුදු පිළිම වහන්සේ සිරස ට උඩින් සිටින සේ අපිරිසිදු ඇඳුම් තැබීම, බුදු පිළිම වහන්සේ ගේ සිරසට උඩින් සිටින සේ සතුන් ගේ කූඩු තිබීම, මාළු ටැංකි තිබීම, කාමර වල කුඩා ළමුන්ගේ මළ මුත්‍ර වලින් අපිරිසිදු වී නම් ද ඉහළින් ගමන් කරයි නම් ද ඉතා අයහපත්ය. මෙය ඉහළ මහල් සඳහා ද සාධාරණය.

බුදුරජාණන් වහන්සේට සැදැ සිතින් වත් පිළිවෙත් කරන විට ඔබගේ සිල් සුවඳ දස දිසාවට ම පැතිරෙන්නේය.

යට ලී, බාල්ක, කුරුපා යට බුදු පිළිම වහන්සේ වඩා හිඳවීම නිසා ගෘහ මූලික ගේ හිස මත ලොකු බරක්‌ තබා ඇතිවාක්‌ මෙන් ම ලොකු පීඩාවක්‌ ගෙන දේ. හරුත් සුන් වදන් පවසයි.

බුදු පිළිම වහන්සේ පොලිතින් කොළ වලින් ආවරණ කිරීම

බුදු පිළිම වහන්සේ පොලිතින් කොළ වලින් ආවරණ කිරීම, බුදු පිළිම වහන්සේ පිරිසිදුව වැඩි කලක්‌ තම නිවසේ වඩා හිඳවීම සඳහා කළ ද විපාක ඉතා අයහපත් ය. කුඩා කුටි තුළ තැන්පත් කිරීම නොකරන්න. ඉටි කවර තුළට ඇතුළු නොකරන්න. ගෘහ මූලික මානසික පීඩනය ට පත්වේ. සහනයක්‌ නොමැති බව, බයාදු බව, අරමුණ රහිත බව ඇති කෙරේ. (බුදු මැදුර සකස්‌ කර ගැනීම සඳහා අවැසි සියලු කරුණු ඉදිරි ලිපියකින් පළ කෙරේ).

රූප පිළිම සමව තැබීම

බුදු පිළිම වහන්සේගේ වඩා හිඳවීම කර ඇති ස්‌ථානයේ සමව වෙනත් රූප පිළිම සමව තැබීම නොකරන්න.

බුදු පිළිම වහන්සේ වඩා හිඳවීම සුදුසු ම ස්‌ථානය

නිවසේ හෝ වත්තේ, ඉඩමේ ඊසාන දිසාව අයත් වන සේ බුදු පිළිම වහන්සේ තැන්පත් කිරීමට තෝරා ගන්න.

බුදු පිළිම වහන්සේ වඩා හිඳවීම ට සුදුසු ම දිසාව

බුදු පිළිමවහන්සේගේ මුහුණ නැගෙනහිර දිසාවට සිටින සේ නැගෙනහිර දිසාවට මුහුණ ලා වඩා හිඳුවන්න. නැගෙනහිර දිසාව ට මුහුණ ලා පිළිම වහන්සේ තැන්පත් කළ පසු, ඊසාන දිසාව බලා වැඳ නමස්‌කාර කිරීම කරන්න. එවිට ඔබට එකත් පස්‌සව පසඟ තියා වැඳ නමස්‌කාර කළ හැකි ය.

බුදු පිළිම වහන්සේ වඩා හිඳින ආසනයේ උස

වඩා හිඳුවන ආසනය උස බොහෝ සෙයින් වැදගත් වේ. ඔබ ගේ නිවසට බුදුරජාණන් වහන්සේ වැඩියා නම් අසුන් පනවන උස සැලකිල්ලට ගන්න. ගමේ පන්සලේ විහාරයේ පිළිමය වහන්සේ වඩා හිඳුවා ඇති උස සැලකිල්ලට ගන්න.

ආලෝක පූජාව
උෂ්ණය ඇති කරන දැඩි ආලෝක බුබුළු, සඳුන් කූරු, කපුරු, පහන් දල්වා තැබීමේ ද බුදු පිළිම වහන්සේට රස්‌නය වදින දුරින් හා දුම් වදින දුරින් නොතබන්න.
පූජා ආසනය
පූජා ආසනය මත හඳුන් කූරු පැකට්‌, පහන් තිර, යතුරු, පඬුරු ආදී බුදු පිළිම වහන්සේ ට පිළිනොගන්වන ලද දැ නොතබන්න. පිළිගන්වන ලද පූජාවන් පමණක්‌ තබන්න. කාලයෙන් පසු පූජාවන් අස්‌ කරන්න. පූජාසනය පිරිසිදුව නිදහස්‌ ව තබන්න.

පූජාවන් තැන්පත් කිරීමට පූජාසනය මත තැබීම ට භාජන තෝරා ගැනීම

බුදු පිළිම වහන්සේට පිළිගන්වන පූජාවන් පිරිසිදුව කළ යුතුය. ඒ සඳහා පළමු ව ඔබගේ නිවසට මහ රජතුමා වැඩියා නම් ඔබ යමක්‌ පිළිගන්වන් ආකාරය සිහියට නගන්න. ඒ සඳහා සුදුසු භාජනයක්‌ දැන් ඔබට ට තෝරා ගත හැකි ය. කැඩුණ, අපිරිසිදු, ඔබත් පාවිච්චි කිරීමට අකමැති භාජනවල බහා පූජාවන් නොකරන්න. අයහපත් භාජන තුළ පූජාවන් කිරීම නොකරන්න.

බුද්ධ පූජාව අස්‌කිරීම කරන විට ජීවමාන බුදු රජාණන් වහන්සේ ඔබගේ නිවසට වැඩම කර ඔබගේ පූජාවන් පිළිගෙන ඇතැයි යන හැඟීමෙන් අස්‌ කිරීම් කටයුතු කරන්න. ඉවත ලන විටද එම සිතුවිල්ල ම ඇති කර ගන්න. සතුන් ට කෑමට දෙනවා යන දෙවැනි සිතුවිල්ල ඇතිකර ගැනීම හා එසේ කිරීම අයහපත්ය

දෛවඥ කිත්සර සත්සර කීර්ති

ජ්‍යෙdතිෂ පීඨය, පත්තලගෙදර, වේයන්ගොඩ.

Facebook Comments

Leave A Comment