තෙත් නිවාරන වැටිය නොහොත් DPC- Damp Proof Course

DPC නැතාහොත් තෙත් නිවාරන තැටිය යනුවෙන් මෙය හදුන්වන්න පුළුවන්. මෙය දමන්නේ අත්තිවාරම උඩින්. මේක දාලා ඉවර උනාම තමා අත්තිවාරමේ වැඩ ඉවරයි කියලා කියන්න පුළුවන්. දැන්නම් මේ DPC දානවා ලැබෙන්නේ බොහොම අඩුවෙන්, කොටින්ම කිව්වොත් දන්නේ නැතිම තරම්. මේකට ලොකු මුදලක් වැය නොවුනත් මෙය දාන්න මම කියන්නේ ඒකයි. මේ ලිපිය කියවා ඔබ තීරණ කරන්න මේක දාන්න ඕනේද නැද්ද කියලා.

මුලින්ම බලමුකෝ මේ DPC කියලා කියන්නේ මොකක්ද කියලා. මේකේ සරළ තේරුම තමා නමේම තියෙන තෙත් නිවාරන කියන වචනේ තේරුම වන තෙතමනය වැලැක්වීම වන බාධකය කියලා කියන එක. මේතනදී මේ කතා කරන තෙතමනය එන්නේ පොලොවෙන්. එහෙම අත්තිවාරම හරහා ඇවිල්ලා මේක බිත්ති දිගේ උඩට යන්න බලනවා. එය යන එක වැලැක්වීදමට අත්තිවාරම හා බිත්තිය අතර තිරස් ලෙස යොදන බාදකය තාමා මේ තෙත් නිවාරන වැටිය කියලා කියන්නේ. මම හිතනවා දැන් හැමොටම DPC කියන්නේ මොකක්ද කියලා අදහසක් ඔළුවට යන්න ඇති කියලා.

හරි දැන් තෙන් නිවාරන වැටියක් අපට ඕන කරන්නේ ඇයි?

ඔයලා මීට කලින් දැකලා තියනවාද අත්තිවාරමට ආසන්නව තියෙන බිත්තිවල කපරාදුව ඉරිගිහිල්ලා හරි පිපිරිලා ගිහිල්ලා හරි තියෙනවා. වැස්ස කාලෙදී වාගේ තෙත් පැල්ලම් එහෙම බිත්තිවල තියෙනවා. ගොඩක් වෙලාවට මේ ලක්ෂණ එළියේ බිත්තිවලින් තමා දකින්න තියෙන්නේ, ඒවාගේම ඇතුළත බිත්තිවලත් තද වැසි තියෙන කාලෙට මෙක හොදින් දැක බලා ගන්න පුළුවන්.මෙන්න මෙවා තමා සරලව කිව්වොත් DPC එක නැත්නම් වෙන්නේ.

wikimedia.org

wikimedia.org

මේ ක්‍රියාවලිය සිද්ද වෙන්නේ මේ නිසයි.වැසි කාලේදී පොළව සාමන්‍ය දවස්වලට වඩා තෙතමනයෙන් වැඩියි.මේවාගේ වෙලාවන්වලදී අත්තිවාරමේ තියෙන කළුගල් වලින් තෙතමනය ඉහලට ඇදෙනවා.මේ කියාවලිය කේශාකර්ෂණය කියාලා තමයි හදුන්වන්නේ.මේ ඉහළට එන තෙතමනය පහසුවෙන් බිත්තිවලට උරා ගන්නවා. තෙත් පැල්ලම් විදිහට පෙන්න තියෙන්නේ මේවා තමයි.

මේක නවත්ව ගන්න මොකද කරන්න ඕනේ

රයිසයකින් හලා ගත් වැලි 1:3 අනුපාතයට සිමෙන්ති වැලි මිශ්‍රණයක් සදා ගත යුතුයි. මෙය අගල් ¾”  ඝනමකට සිටින සේ අත්තිවාරම මත ඇතිරිය යුතුයි.මතක ඇතිව මෙය අත්තිවාරම දෙසට ලම්බක වන සේ දාන්න ඕනේ.මේක මෙහෙම දැම්මට පසුව තද අව්වට නිරාවරනය වෙන්නේ නැති වෙන්න පොලිතීන් හෝ කාඩ්බෝඩ්වලින් වහලා තියන්න. නැත්නම් මේවා දැම්ම එකේ කිසි ප්‍රයෝජනයක් නැති වෙනවා.

මේ විදිහට අතුර ගත්තට පස්සේ ලොකු පිඩනයක් නොදෙන අයුරින් දින තුනක් පමණ තෙත් නිවාරන වැටිය පදම් වෙනකම් වතුර දා ගන්න ඕනේ. (හැකිනම් මල් බාද්දියක් භාවිතා කරන්න)

ඊට පස්සේ දින 5ක් පමණ වැටිය වෙලෙන්න තියලා, වැටිය මතට උණුකරන ලද තාර (Bitumen Emulsion) හරි DPC තාර (ලේසියෙන් කඩෙන් ගන්න පුළුවන්) හරි පින්සලකින් ගා ගන්න. මේ ආලේපය වැඩියේ දියාරුත් නැති උකුත් නැති ප්‍රමාණයට හදාගන්න ගන්න ඕනේ. ආලේයය අවසන් වූ පසු ඒක වෙලෙන්න කලින් සිහින් වැලි සමාන ලෙස තුනියට ඉහ ගන්න. ඊළග දවසෙත් මේ විදිහටම ආලේප කරලා වැලි ඉහන්න ඕනේ. දැන් වැටිය වෙලුනාට පස්සේ බිත්ති බදින්න පුළුවන්.

මේ මම කිව්ව ක්‍රම දෙක තමා මිළ අවම හා අපේ රටේ වැඩි පුරම කරන දේවල්. මීට වඩා ක්‍රම තියෙනවා. ඒ ගැන අධ්‍යාපන ලිපියකින් මම ඉදිරියේදී දාන්නම්.

Facebook Comments

Leave A Comment