අඩුවට නිවසක් හදන සාස්තරය (අවසාන ලිපිය)

මේ ලිපියෙන් අඩුවට ගෙයක් හදන ලිපි පෙළ ඉවරයි. ඉදිරියේදි Plan, BOQ බලන හදන හැටි ඉදන් ගෙදරක් අවසන් කිරීම තෙක් තියෙන කොටස් එකින් එක ගෙන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සිවිල් අධ්‍යාපනයට වැදගත් වෙන කොටස්ද, අළුතින එන ඉදිකරීමෙන් ක්‍රම ගැනද කතා කරනවා. එම නිසා දිගටම අපිත් එක්ක රුදි සිටින මෙන් ඉල්ලා සිටින්න කැමතියි.

මෙම ලිපියෙන් දොරජනෙල් සෑදීම, වහළය නිවැරදිව සකස් කර ගන්න ආකාරය මෙන්ම නිවාස අලංකරණය ගැනද සුළුවෙන් සදහන් කර ඇත.

දොර ජනෙල්

දොර ජනෙල් සෑදීමට ප්‍රධාන වශයෙන් යොදා ගනු ලබන්නේ කොස්, තේක්ක ලීයි. මීට අමතරව ගොඩක් ලී වර්ග යොදාගත හැකි වුවත් ලංකාවේ බහුලව භාවිතා කරන වෙනත් ලී වර්ග තමා මාහොගනී, කැටකෑල්ල, කොහොඹ දැව. මේවා තරමක් මීළ ගණන් වලින් අඩුයි. ඒ වුනාට කොස්, තේක්ක වාගේ නිමාවෙන් අලංකාරයෙන් හොද කල්පැවැත්මක් දෙන්නේ නැහැ.

උළුවහු ජනෙල් හදද්දි ගෙදර හදා ගන්නවානම් වාසියි. මොකද මේවා එහෙට මෙහෙට ගෙන්නන්න ලොකු ගානක් යනවා. හැබැයි අලුත හදන ගෙදර ආරක්ෂාව අතින් මදිනම් වඩු බාස්ට කියලා හදවාගෙන ගෙනියන්න. නැත්නම් බිත්ති බැදලා එක කාමරයක් ලී දාලා තියාගන්න පුළුවන් විදිහට හදා ගෙන ඒකේ ගිහින් දාන්න.

ඔයා ලී දාලා හදනවානම් තමා මේ විදිහට බලපාන්නේ. නැත්නම් වඩුබාස්ම වැඩේ කරලා ගෙදරටම ගෙනත් දෙයි. ඔයා ලී ගද්දී වඩුබාස් විශ්වාස වන්ත කෙනේක්නම් එයා එක්ක ගිහින් බලලා ලී ටික තෝරලා ගන්න. එහෙම ගන්නේ නැති අයට ලී ටික තෝරගන්න විහිහක් කියන්නම්. කොහොමත් තනියම යන්න එපා. බාස්වත් කතා කරගෙන තමා යන්න ඔනේ. ඔයා එතනට ගිහින් වැඩේ වෙනවද බලන්න. මනිද්දි පොතක් අරන් ඔයත් ලිය ගන්න. පොන් එකෙන් කරන්න යන්න එපා. මොකද ඔයාට එයාලගෙයි ගණන් වෙනස් වුනොත් එයලා හොරට දාලද ඔයාට වැරදීලාද කියලා හොදා ගන්න පුළුවන් විදිහට පිළිවෙලට පොතේ තියෙනවා.

3” x4” ලී දික් අඩිවලට මනින්නේ. ලෑලී වර්ග අඩි වලට වගේම රේගල් කෑලි වලට ගන්න පුළුවන්. රේගල් කෑලි කියන්නේ අපි එයාලට දෙන කෑලිවලට ප්‍රමාණවලට කපලා දෙන එක. ලෑල්ල බාස්ට ඕන ගානට ගන්න පුළුවන්. මෙවා ටිකක් ගනන් වගේම ගන්න පුළුවන් නම් බාස්ට ලේසියි. කොලිටි එකත් හොදයි.

ඔයා ලෑලී, ලී වගේ ගන්නවානම් වෙලිච්චි ඒවගෙන් ගන්න. නැත්නම් ඒවා කල් යද්දි ඇකිලෙන්න පටන් ගන්නවා.ගෙදර තියෙන ගහක් ඉරනවානම් ලෑලී වේලන තැන් තියෙනවා ඒවාට දීලා වෙලා ගන්න පුළුවන්. මෙවා ප්‍රවාහන කරන්න පෝමිට් ගන්න ඕන හින්දා හයර් එකට ලොකු ගානක් දෙන්නත් වෙයි. ගෙදර ලී රේගල් වලට කපන්න එපා. ඒවා සාමාන්‍ය විදිහටම කියලා කපා ගන්න. බාස්ට තොරලා බලලා අරන් මදි ටික විතරක් අරගෙන දෙන්න. ඉතිරි ටික තියා ගන්න ගෙදරකට බඩුවක් වගේ හදා ගන්න ගන්න පුළුවන්.

ලී මනින්දි මේ ටික මතක .තියා ගන්න. මෙයාලා අසන්න අගල් බාගෙට තමා මනිනනේ. අඩි 1 අගල් 4 තිබුනොත් අඩියට වගේ තමා හරියට මනින කොනෙක් මනින්නේ. ඒ වගේම ලෑලි මනිද්දී මෙහෙම කරන්නේ නැහැ ගන්න පුළුවන් ටික ඔක්කොම වගේ මනිනිවා. පොඩි පොඩි කෑලි ගන්න එපා. ( පළල ගොඩක් අඩු) දැන් ඉන්න අය පොත්ත එක්ක මනින්නේ. එහෙම මනින්න නැහැ. එහෙම කරනවානම් එතනින් ගන්න එපා වෙන තැනකින් ගන්නවා කියන්න. එතකොට නිකම්ම මැනලා දෙයි හරියටම.ඒවාගේම පැලිලි ඉරිගිහින් තයෙන තැන් අතහරින්න ඕනේ. ලී වල මැදින් වගේ තියෙනවානම් බාස්ට පෙන්නන්න. එයා ඒක ලී ගාද්දි යනවනම් විතරක් ගනියි.

උළුවහු තියද්දී Plan එකේ අනුව දොර ජනෙල් අරින පැත්ත හරියට තියලා තියෙනවාද බලන්න. ඒවගේම Plan එකේ වගේ තියද්දි අරින්න වහන්න පුළුවන් කියලත් බලන්න. ගොඩක් බාස්ලා මේක බලලා කරනවා. කලබලේ වගේ වැඩ කරන දවසක් වුනොත් එයලට මේක මග හැරෙන්න පුළුවන්. ඒ හින්දා ඔයත් පොඩ්ඩක් ඔළුව දාලා බලන්න. ලොක්, අගුල් ගන්නකොට හොද වර්ගයක් බලලා  එක තැනකින් ගන්න(ඉන්දියන් ගණන් අඩු හොද එකක් තිබ්බා දැන් මතෙකෙට එන්නේ නැහැ. මතක් වුනාම Comment එකක දාලා තියන්නම්. බලන්න අමතක වෙයි වගේ නම් මට Massage එකක් දාලා තියන්න.)

දැන් වහළ ගහමු.

වහළ තමයි තරමක් මිළ අධික ඉදිකිරීමක් වගේම ගේදරට ලස්සන නිමාවක් එකතු කරන්නේ. හොද ලස්සනට ලෑලි දාලා හරී ෂිට් ලාදා හරි මේ දේකම නොදමා උනත් වහලේ ගහන්න පුළුවන්. දැන් ගොඩක් තැන්වල ලෑලි දාලා තමයි වහලේ ගහන්න කට්ටිය කැමති. මේක මිළ අධිකම ක්‍රමයක්, ඒ වගේම වහලෙත් ගහන එක සැරින් සැරේ කරන්න අමාරුයි. ඒක එක පාර ගහලා ඉවර කර ගන්න ඔනේ.

මේ ක්‍රම තුනට අමතරන වහලේ වෙනුවට Slab එකක් ගහන්න පුළුවන් නම් ලොකු ගානක් ඉතිරි කර ගන්න පුළුවන්. හැබැයි දැනට Plan එකේ වහලේ තිබිලා Slab එකකට මාරු වෙනවානම් පොඩඩක් ජනෙල් ටික වැස්සෙන් තෙමෙන්නේ නැති වෙන්න ඇද ගන්න ඔනේ.  ඒ වගේම අලුත් Slab එක Waterproof ( ජලය රුදෙන්නේ නැති විදිහට හදා ගන්න) කිරීම ගැන අනිවාර්යයෙන් සැගකිලාමත් වෙන්න ඕනා.

ෂිට් වහලේට ගහන්න අදහසක් තියෙනවානම් ෂිට් කඩෙකින් ගන්න කලින් ගෙවල් කිට්ටුව තියෙන් construction (ගෙවල් ඉදිකරන තැනකින්) අහලා බල්න්න එයාලා ගාව ෂිට් තියෙනවාද කියලා. දැන් ලොකු ගෙවල් හදන කොට ෂීට් දාලා හදනවා අඩුයි. ඒහින්දා එයාලා ලග කලින් ගේනාපුවා ඉතිරි වෙලා තියෙන්න පුළුවන්. ඒවා කඩේ ගානට වඩා ගොඩක් අඩුවෙන් කතා කරලා මේයාලගෙන් ගන්න පුළුවන්.

ෆයින් ලෑලි වෙනුවට දැන් ලංකාවේ පාස්ටික් වලින් හදපු එක්ක තියෙනවා. එක ලෑලි වහළ වඩා ලාභයි. ඕනම Design එකකින ගන්න තියෙනවා. ලෑලිවලට සල්ලි මදි වගේනම් මේක දාන්න. ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ෆයින් ලෑල්ල තමා මිළ අධිකම ලෑල්ල ගන්න තියෙන. තව වර්ග අඩු මිලට ගන්න තියෙනවා. ඒවා මේ වාගේ ලස්සන නිමාවක් දෙන්නේ නැහැ. හැබැයි තීන්ත බාස්ට වැඩි පුර ගානක් දීලා ලස්සනට වැඩේ කර ගන්න පුළුවන්.( රු.5 වගේ මිළ වෙනසක් තියෙන්නේ. පොඩි ගේකටනම් ලොකු ලාභයක් නැති නිසා ෆයින් දාන එක වාසියි. වර්ග අඩි 2500 වැඩි වහළක් නම් දැනෙන්න ලාභයක් ගන්න පුළුවන්)

කෙම්පස් ලීත් හොද වර්ගේ තමා රතු පාට එක (Red wood), කහ පාට එකේ මිළ ගණන් අඩු වුනත් මේවගේ හයිය හත්තිය මදියි. ඒ හින්දා මේවා වහලේට දාන්න එපා කියලා තමා කියන්න වෙන්නේ. ටිකක් ගණන් වැඩි වුනත් හොද එකම දාන්න.

රීප්ප පටි දාද්දි ගනන් අඩු එකක් ගන්න බල්න්න. ලොකු වටිනාකමක් එපා මේකට ඔනේ නැහැ. උළු ටික තියා ගන්න තමා රිප්ප පටි දානේනේ. මේවාට දැව ආරක්ෂක වර්ගයක් හො කළුතෙල් ගාන්න ඔනේ. මම ඊට වඩා හොද වටින දෙයක් කියලා දෙන්නම් භූමිතෙල්වලට කපුරු දාලා ගන්න. මේක ලාභයි වගේම තත්වෙනුත් උසස්.

උළු තොරාගද්දී මොකක්ද කරන්න ඔනේ කියලා බලමු. දැන් යන රටාව කමා රොමන් උළු හො යූරෝ උළු වහලෙට තියෙන. එක් මේක මිළ වැඩියි. සාමන්‍ය යෙන් වහලෙට තියෙන උළු තමා තැටි උළු කැටේ. මේවා අතර රු.10-20 විතර වෙනසක් තියෙනවා. තැටි උළු කැටේ අනිත් උළු තරම් ප්‍රමිතිය අඩු උනත් අවුලක් දකින්න නැහැනේ. අපේ ගෙවල් වල අද උනත් ඔය උළු කැටෙනේ දාලා තියෙන්නේ. ඒ හින්දා බය නැතිව දාන්න පුළුවන්නේ. ඔයාගේ හිතට හරි මදි වගේනම් මේකේ සයිනින් කැටේ කියලා එකක් තියනවා රු5-8 විතර මිළ වෙනසක් වෙයි. ඒක ගන්න. මේක සාමාන්‍ය කැටේට වඩා ලස්සනයි. හයියෙනුත් වැඩියි. හොද පෙනුමකුත් තියෙනවා. වැහිපිළි, වඩුම්බි ලාබෙට දාන්න ඕනේනම් පුළුවන් ප්ලාස්ටික් එකෙන් දාන්න. හයිය හත්තියෙන් තරමක් අඩු උනත් අවුරුදු 5 විතර තියාගන්න පුළුවන්. මාස 6කට සැරයක්වත් අඩුම තරමේ වැහිපිළි සුද්ද කරන්න. වහලේ අනිත් වැඩ ටික ඒ විදිහටම බලලා කර ගන්න. නැත්නම් ඒවගෙන් ප්‍රතිඵලයක් නැති වෙනවා.

ගෙවතු අලංකරණය

මේකනම් හදිසියේ කරන්න ඕන වැඩක් නෙමේ සල්ලි තියෙනවානම් විතරක් වියදම් කරලා කරන්න. සල්ලි අඩුපාඩු තියෙන අයට මන් කියන්නම් මේක තනියම කරගන්න පුළුවන් විදිහ. මුලින්ම ගෙදර එක්කනා එක්ක කතා කරගන්න මේක කොහොම කොහොමද කරන්නේ කියලා. තනියම කරන්න යන්න එපා. ඔයාලගේ අදහස් වලට මේ මන් කියන ඒවත් එකතු කරගන්න බලන්න.

තාප්පය හො වැට අයිනෙන් බට උඩින් මතු වෙන්න ගිහින් තියෙනවානම් එතර ඒක වැහෙන්න මල් පාත්තියක් දාන්න. මිදුලේ ගල් අල්ලන්න හිතන් ඉන්නවානම් වැඩිපුර ඇවිදින තැන් විතරක් බලලා අල්ලන්න්. Car park  එන කොටස වගේ. එහෙම කියන්න තණකොළ අල්ලනවට වඩා ගල් අල්ලන්න වියදම වැඩි නිසා. ගල් අල්ලන්න කලින් පොළව ඇස් මට්ටමට පේන ගානට ලේවල් කර ගන්න. ගල් ඇල්ලුවාට පස්සේ උස වැඩි මොකක්ද මිටි මොකක්ද කියලා හොයා ගන්න පුළුවන්. ගල් වල Design එක ගද්දි පොඩි ඒවාට වඩා ලොකු එක ගන්න එක ලාභයි ලේසියි. නැත්නම් චිප්ගල් ගෙනත් දාගන්න උනත් පුළුවන්. මේක ලාභ වුනාට එච්චර සාර්තක නැහැ.

තණකොළ අල්ලන වැඩේ ගැන කියද්දි නම් මේවා කඩෙන් ගන්න පුළුවන් කියලා තමා කියන්න වෙන්නේ. ඇට හෝ පිඩලි සල්ලි වලට ගන්න පුළුවන්. මේවා මුල්න්ම අවශ්‍ය තැන්වල විතරක් හිටවන්න. පස්සේ ටික ටික වත්ත පුරාම යන්න දෙන්න. ටික කාලයක් මේ වැඩේට යනවා හැබැයි.

ඹයවැඩ ටික තමා අපිට කරගන්න පුළුවන්. අනිත් වැඩ කරනවානම් එහෙම දන්න අයටම කියලා කරගන්න එක වඩාත් හොදයි. අපි කරොත් ඒවල නියම කොලිටි එක ගන්න බැහැ.

අඩුවට ගෙයක් හදන ලිපි පෙළ එහෙනම් ඉවරයි. අලුත් ලිපියක්න් ඉදිරියේදී එහෙනම් හමු වෙමු.

Facebook Comments

Leave A Comment