අඩුවට නිවසක් හදන සාස්තරය (තුන්වන කොටස)

මේ ලිපියේදී අත්තිවාරම, බැම්ම, ස්ලැබ් එක,වයරින්, Paint, ටයිල්,බටදාන වැඩ ගැන තමා කියන්නේ. මේවා ගැන ඉදිරියේදී කොටස්වලට කඩලා ලිපි පෙළක් කියන්න ඉන්න හින්දා අවශ්‍ය දේ හා ගාණක් ඉතිරි කර ගන්න වැදගක් වෙන දේවල් ටික විතරක් පැහැදිලිව දන්වලා තියෙනවා. වැඩිපුර විස්තර ඔනේනම් Comment එකක් හරි Massage එකක් හරි පුරුදු පරිදිම දාන්න.

ඒවාගේම අපේ Page එක හොදයි වැදගත් කියලා හිතෙනවානම් ඔයාගේ යාළුවන්ටත් අපි ගැන කියන්න. Page එකට ලිපි ලියලා ඔයගේ Web Site එක Publish කර ගන්න හරි ඔයා කොන්ක්‍රාත් වැඩ කරන ආයතනයක් හෝ පුද්ගලයෙක් වශයෙන් ඔයා ගැන දැනුවත් කරන්න කැමති නම් නොමිලේ අවස්ථාවක් අපි දෙන්න හිතුවා. කැමති අය Massage එකක් දාන්න.

අත්තිවාරමේ නම් අඩුකර ගන්න කියලා මොකුත් අනුමත කරන්න අමාරුයි. එක තමයි ගෙදර වැදගත්ම කොටස, ඒ හින්දා ඒක පොතේ තියෙන විදිහටම කරලා දාමු. ඒ වුනාට මේ ටික කරන්න පුළුවන්.

අත්තිවාරම් කපද්දි ඉතිරි වෙන පස් විසික් කරන්න එපා. එවා පැත්තකට ගොඩගහලා තියා ගන්න බලන්න.ඒවා පස්සේ වත්ත හදන වැඩවලට හරි ඉඩමට පාරක් හදා ගන්න වැඩවලට වගේ ගන්න පුළුවන්. ඒ වාගේම අත්වාරම කපන්න කට්ටිය දාද්දි ඒ එක්කම බලලා බඩු ගේන වාහනවලට එන්න පුළුවන් වෙන්න පාරත් එක පාර බලලා හදා ගන්න.

හරි දැන් අත්තිවාරම කපලා ඉවරයි,ඕන කරන බඩු ටික ගේමු එහෙනම්. අමුද්‍රව්‍ය මිලදී ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕන දේවල් ගැන කලින් ලිපියේදී කතා කරපු හින්දා ඒ ගැන මේකේ කතා කරන්න යන්නේ නැහැ. මේකේදී බලමු සිමෙන්ති, වැලි, ගල් ගෙනත් කොහොමද දාන්නේ කියලා.

ගල් ගෙනත් ඒක තැනකින් දා ගන්න එපා. ඒක බාස්ලට ගන්න ලේසි වෙන්න, වැඩ වලට කරදරයක් වෙන්නේ නැති වෙන්න වටෙන් දා ගන්න. එන පාර ඉස්සහා දා ගන්න එපා කොච්චර ඉඩ තිබුණත්. එහෙම එපා කියන්නේ එක කරදරයක් වගේම බඩු ගේන අය පුරුදු වුනාට පස්සේ කවුරුත් නැත්නම් පාර මැදම දලා ගන්න බලනවා. ඒ වගේද හොරකම් කරගෙන එහෙම යන්න ලේසියි. ඒවාගේම ගල් බාද්දි 1500,3000,5000 වගේ ගොඩවල්වලට බලා යන්න කියන්න, එතකොට ගන්න කර ගන්න ලේසියි. බාස්ට කියලා තියන්න පොඩ්ඩක් බලන්න කියලා එයාලා බාන වේලාවටම ගන්න කරලා තියයි. ඔයාට පුළුවන් නම් බාස්ලාට සවසට හරි තේ එකක් ගිහින් දෙන්න එතකොට ඔයා කියන්න ඕනේ නැහැ ඒයාලට මේක බලන්න අරක බලන්න කියලා. ඒයාලම බලල් ලස්සනට වැඩේ කරලා දෙනවා. අත්දැකීමෙන් කියන්නේ ඔයාලා එයාලත් එකක් හොදින් ඉන්න තරමට ඔයාලටම තමා වාසි. ඒ වාගේම කියන්න කියන දේ කෙලින්ම කියලා දන්න. පුළුවන් තරම් බනින කරන වැඩ ප්‍රධාන බාස්ට කොන්ත්‍රාත්කරු එක්ක විතරක් තියා ගන්න. ගොලයින් එකක් ඒවාගේ එවා එපා. එවාගේ පුළුවන් නම් විතරක් බාස්ව පැත්තකට කතා කරලා හරි පොන් එකේන් හරි කියන්න. එයා අපේ සේවකයා වුනාට එතන ලොක්කනේ.

හරි අපි ආයෙත් වැඩපළට එමු. අත්තිවාරමට ගේන 6” x 9” වගේ ගල් අත්වාරමට ලන් වෙන්න කලින් කිව්වා වාගේ බා ගන්න. කොන්ක්‍රීට් ගල් (පොඩ් තුන්කාලේ ගල් ) මේවා නම් එක තැනකින් බා ගන්න. ඒ වාගේද බාදාම වැලි වෙනම කපරාදු වැලි වෙනම බා ගන්න. බාන්න කලින් ඔයා හරි බාස්ට පෙන්නලා හරි වැලි එකේ තත්වේ පොඩ්ඩක් බලාගෙනම බාන්න.

සිමෙන්ති, කම්බි අපි මුලින් හදාගත් ගත් මඩවේ බාන්න. මම දුන්න දිග පළලට හදා ගන්න බැරි වුනානම් තෙමෙන්නේ නැති වෙන්න එක තැනකින් දා ගන්න. සිමෙන්ති ගල් වෙන්නේ නැති වෙන්න අඩුද කරමේ දවස් 3-5 වගේ ඇතුළත පෙරලගන්න.

මේ දේවල් වලින් බාලාපොරොත්තු වුනේ වැඩේ කරද්දි බාස්ලගේ කාලය ඉතිරි කරලා වැඩේ ඉක්මනින් කර ගන්න ගන්න වාගේම බඩු අපතේ යන එක පුළුවන් තරම් දුරට අඩු කර ගන්න එක තමා.

බැම්ම බදිමු

මේ වැඩේදිනම් ලොකු දෙයක් කියන්න නම් නැහැ. Plan එකේ හැටියට බදිනවාද බලන්න. වැරදියට කරලා තිබුනොත් අයේ කඩලා බදින්න වෙනවා. ඒක වැඩේ දෙක වෙනවා. බැරිවෙලාවත් මේ වගේ අවුලක් වුනොත් බැම්ම එක පාර කඩලා දාන්න එපා. පුළුවන් විදිහට ගල් ගන්න පුළුවන් වෙන්න කඩා ගන්න. සම්පුර්ණ ගලම ගන්න බැරි වුනත් බාගේ ගල් ගන්න පුළුවන් වැඩට. ඒක කියද්දි තමා මතක් වුනේ ඔයා කොන්ත්‍රාත් බාස් කෙනෙක්ට වැඩේ දිලා නම් එයා බාගේ ගලුත් ගන්නවාද බලන්න, මොකද මෙයාලාට ගලකට, වර්ග අඩියකට වගේ ගානක් දෙන හින්දා මෙයාලා ගොඩක් වෙලාවට සම්පුර්ණ ගල තමා බදින්න හදන්නේ. මොකද බාගේ ගල බදින්න ටිකක් වෙලාව යනවා වැඩියි. මේ ගැන නම් හොදටම කොන්ත්‍රාත් මහත්වරු දන්නවා. හරියට වැඩේ Supervised වුනේ නැත්නම් වැඩේ ඉවර වෙද්දී ගේ වටෙන්ද බාගේ ගල් ලොරියක් විතර එකතු කර ගන්න පුළුවන්.

ඒවගේම Slab එකක් තියෙනවානම් බැම්මේ උස තැනින් තැනට වෙනස්. ලොකු වෙනසක් නැකි හින්දා මේක වරදින්න ඉඩ වැඩියි. ඒ හින්දා ඒ උස් පහත් වෙන තැන් පරීක්ෂා කර බලන්න‍. (Plan කියවන හැටි ගැන ඉදිරියේදී ලිපි දාන්න බලාපොරොත්තු වෙනවා)

තවත් අවුලක් වෙන වැඩක් තමා මේ උළුවහු තියෙන වැඩේ. ගොඩක් වෙලාවට උළුවහු බැම්ම බදින්න කලින් වාගේම බැම්ම බැන්දට පස්සෙත් තියෙනවා. මම නම් අනුමත කරන්නේ බැම්ම බදින ගමන් උළුවහු තියන්න කියලා. අවුවෙන් වැස්සෙන් කරදර නොවෙන්න නම් සීලර් හරි දැව ආරක්ෂක ටිකක් හරි ගලා උළුවහුව වහලා තියන්න. උළුවහු පස්සේ තිබ්බත් අවුලක් නැහැ. කරදර වලට තියෙන්නේ බැම්ම ටිකක් කඩලා උළුවහුව තියලා අපාහු උළුවහුව වටේ බදින්න වෙන එක තමා. ( මොහෙම කරන්න බලාපොරොත්තු වෙනවානම් කලින්ම සීලර් ටිකක් ගලා තියා ගන්න. එතකොට සිමේන්ති වගේ වැඩුනට ලොකු දෙයක් වෙන්නේ නැහැ.)

Slab එක දාමු

Slab එක දාන එක ටිකක් අවධානම් වගේම අමාරු වැඩක්. මේ වැඩේ කොන්ත්‍රාත් බාස් කෙනෙක්ට දීලා කර ගන්න. මේවට සටලින් බාස්ලා කියලා වෙනම ඉන්නවා ඒයලාට කියලා කර ගන්න ඔයා කරන්න යන්න එපා. ඒ  වුනත් ඕන කරන බඩු ටික ඔයාලා අරගෙන දෙන්න. එයලා බඩු දාලා කරන්න ගියොත් ලොකු ගානක් ගන්නවා.

මේ බඩු ගෙද්දී එක පාර ගෙන්න. බාස්ගෙන් ඕන කරන බඩු ලිස්ට් එක ඉල්ල ගන්න. එයා හරියට ගනන් හදලා කියයි. ගෙදර වැඩත් තව ඉතිරි නිසා ඔයා වැඩිපුර ටිකක් Older කරාට කමක් නැහැ. මගදී බඩු මදිවෙලා Older කරනවානම් ගෙදර ඉතිරි වැඩවලට ගන්න එකක් Older කරන්න. සිමෙන්තිත් එහෙම ගෙන්න ගන්න. Slab ගහලා සාමාන්‍යයෙන් සති 3කින් වැඩ පටන් ගන්න පුළුවන්. එතකන අර ඉතුරු බඩු පරික්ෂන් කරලා තියා ගන්න ඕනේ. සිමෙන්ති කළින් කිව්ව විදිහට පෙරල ගන්න, කම්බි, වැලි වැස්සට අහුවෙන්නේ නැති වෙන්න වහලා තියා ගන්න.(වැලි ටික ගල් බැම්මක් වගේ වටෙන් යවලා කොතක් වගේ බාස්ට කියලා උස්සලා හදා ගන්න.) ඒවාගේ වයරින් බට ටිකත් මතක ඇතුව දා ගන්න.

වයරින්, Paint, ටයිල්,බටදාන වැඩ ටික

වයරින්, Paint, ටයිල් වැඩ වලට දුරින් කට්ටිය ගන්න එපා ළග පාත අදුනන කට්ටිය ගන්න. මේවාගේ බඩු ගන්න හොද තත්වයෙන් උසස්ම එවා දාන්න ඕන නිසා ඔයාම බඩු අරගෙන දෙන්න. මම ළග පාත අයව ගන්න කිව්වේ හේතුවට දැන් එන්නම්. මේ කට්ටියව ඉදිරියේදී මේ වගේ වැඩක් වුනොත් කතා කරලා හොයා ගන්න ලේසියි. ඒ වාගේම අලුත්වැඩියාවක් කර ගද්දි අඩුවට කර ගන්න පුළුවන්.

ගොඩක්ම වැදගත් වයරින් සහ ප්ම්බින් (බටදාන ) අය තමා. හුගක් වෙලාවට වයරින් අයට මේ වැඩ දෙකම කරන්න පුළුවන්. මේ වගේ වැඩක් කරන කේනා තමා හරියටම දන්නේ බට, වයර් එහෙම කොහොමද ගිහින් තියෙන්නේ කියලා. අලුත් කොනෙක් ආවොත් ටිකක් වෙලා යනවා මේක හරියටම හොයා ගන්න. ඒ හින්දා ඒයාලා වැඩිපුර ගානක් ඉල්ලන්න පුළුවන් වැඩේ කරලා දෙන්න.

අනික බඩු ගද්දි එක පාර ගන්න. මේ බාස් අදුනනවා නම් එයාට කියලා බඩු ටික අරගන්න බලන්න. මොකද අපි ගන්න ගානේන 20% වඩා අඩුවෙන් මෙයාලට බඩු ගන්න පුළුවන් කඩවල් තියෙනවා. එහෙද බැරි උනොත් ටිකක් අඩුවට ගන්න පුළුවන් තැනක් හොයලා බලලා එක පාර ගන්න. වයරින්, ප්ම්බින් බඩු ටික එක කඩේකිනුත්, ටයිල් බාත්රූම් බඩු ටික එක තැනකිනුත් ගන්න බලන්න. තැන් දෙක තුනකින් ගන්න යන්න එපා. තීන්ත බඩුත් ඒ විදිහම තමා කරන්න ඕනේ. පොඩ් 4L තීන්ත බකට් ගන්න එපා. 20L බකට් වගේ ගන්න. එක ලාබයි.

ඉදිරි ලිපියෙන් දොර ජනෙල්, වහලය සහ  ගේවත්ත සැකසීම ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

වෙනස් සම්බන්දිත ලිපි

අඩුවට නිවසක් හදන සාස්තරය

අඩුවට නිවසක් හදන සාස්තරය (දෙවන කොටස)

අඩුවට නිවසක් හදන සාස්තරය (අවසාන ලිපිය)

Facebook Comments

Leave A Comment