අඩුවට නිවසක් හදන සාස්තරය (දෙවන කොටස)

කලින් ලිපියේදී අපි ඉඩමක් තෝරා ගන්න විදිහ, Plan එකක් නිවැරදිව ඇද ගන්න විදිහ සාකච්චා කරා. කලින් ලිපියට කට්ටියගෙන් එතරම් ලොකු ප්‍රතිචාරයක් නොලැබුණන් මම වැඩේ දිගටම කරගෙන යාමට තිරණය කළා.

හරි අද පෙර ලිපියෙන් පොරොන්දු උවා සේම කතා කරන්න බලාපොරොත්තු වන්නේ නිවසේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වන ශ්‍රම්‍ය හා අමුද්‍රව්‍ය නිසි ලෙස ලබා ගන්නේ කේසේද කියාය.

ගෙදර හදන්න භාර දෙන්නේ බාස්උන්නහේටද ,ඉදිරිකිරීම් කොන්ත්‍රාත්කරුට කොහොමද මේක තීරණය කරන්නේ ??

මේක ගොඩක් වෙලාවට තීරණය වන්නේ අපි කරන රුකියාව මත තමා. ගෙයක් හදද්දි අඩුම තරමේ උදේට හරි හවසක හරි ගිහින් බලන්න ඕනේ මොකද වෙන්නේ කියලා. මම එහෙම යන්න කියන්නේ අපි බාස්ලව දැමමලා කළත්, කොන්ත්‍රාත් දම්මලා කරත් හදන ගෙදරට අපේ අවදානය අඩුයි කියලා දැනුනම ඒ අය හොර වැඩ කරන්න ගන්නවා.මේමා ලොකුවට දැනුනේ නැතිවුනාට ලක්ෂගානක් වියදම් කරලා අපිට ඕන විදිහට ප්‍රමිතියට ගේ හදා ගන්න නැත්නම් ඇති පලේ මොකක්ද? අඩුම ගානේ ඔයාලට ඉන්න වෙලාවක් නැත්නම් තාත්තව හරි සහෝදරයෙකුට හරි හිතවෙතෙකුට හරි කියන්න පොඩ්ඩක් හවසට ගිහිල්ලා විනාඩි 10ක් වගේ කැරකිලා බාස්ලා එක්ක කතා කරලා එන්න කියලා.(ඔයත් කවුරු ගියත් ගිහින් නිකන් එන්න එපා, අනිවාර්යයෙන් බාස්ලා, කොන්ත්‍රාත්කරු එක්ක වැඩේ කොහොමද යන්නේ, මොනවද තව අවශ්‍ය, එයාලට මොනවද තියෙන අඩුපාඩු කියලා හොයලා බලන්න. හැබැයි ඕනාවට වඩා කතාවට යන්න එපා. ඔයාලට එයාලා කෙලවලා යනකම් ඔයාම දන්නේ නැති වෙයි. ඒ හින්දා ඕනාවට වඩා කරන්න යන්නත් එපා)

බාස්උන්නහේටද ,ඉදිරිකිරීම් කොන්ත්‍රාත්කරුට දෙන්නේ කියලා බලද්දි ගෙදරට ලක්ෂ 50 අඩුවෙන් වියදමක් යනවා හරි ඔයාට ලොකු දැනුමක් මේ ගැන තියෙනවා හරි නම් මේක කොන්ත්‍රාත් අයට දෙන්න එපා. කොන්ත්‍රාත් වැඩේදි සිද්ද වෙන්නේ ලක්ෂ 35 වගේ යන වැඩේට මෙයාලා ලක්ෂ 45-50 වගේ ගන්නවා කරන්න. හැබැයි කොටියක වගේ ගෙයක් හදනකොට මේක අවුලක් නැහැ. කොන්ත්‍රාත් තැනක වැඩකරපු කෙනෙක් හැටියට මම කියන්නේ ලක්ෂ 20 දුන්නත් පාඩු නැහැ. මෙකද ගෙදර සම්පූර්ණ වගකීම එයාලා ගන්නවා. යම් කිසි වගකීම් කාලයක් ගෙදරට හම්බ වෙනවා. Plan එකේ ඉදලා ණය වගේ වැඩත් දැන් කරවා ගන්න පුළුවන්.ඒ වාගේම සමහර වෙලාවට ලාබයක් කියලා දෙයක් ගන්නත් නැති වෙනවා.

මන් දැන් කියලා තියෙන්නේ කොන්ත්‍රාත් ආයතනයකින් ලැබෙන ප්‍රධාන වාසි ටිකක් අපි දැන් හරියටම කතා කරමු බාස්උන්නහේලා ,ඉදිරිකිරීම් කොන්ත්‍රාත්කරුවන් ගැන.

ඉදිරිකිරීම් කොන්ත්‍රාත්කරුවන්

මෙවාට ප්‍රධාන පෙලේ උදාහරණ දෙකක් තමා මාගා, සීයේරා කියන ආයතන. ගොඩනැගිලි සදනවාට අමතරව මේ ආයතන සමහරක්ගෙන් අපිට පුළුවන් Plan, BOQ වගේම උපදේශ් ලබා ගන්න.

අපි දැන් බලමු මෙයාලා කොහොමද අපේට මිලක් ලබා දෙන්නේ කෙසේද කියා. මිල ගණනයේදී සාමාන්‍යයෙන් සිදුවන්නේ අමුද්‍රව්‍ය, සේවක සහ ඉදිකිරීමේදී වෙනත් දැරීමට සිදුවන මිලට 20%-30% මිළ එකතු කිරීමක් සිදු කර අපට පවසන එකය.( BOQ එක)

මේයාලගේ වැඩ පටන් ගැනීමට ප්‍රථමව කොන්ත්‍රාත් ලියවිල්ලක් අස්සන් කිරීමට සිදු වෙනවා. ඊට අමතරව අපට මුදල් නොමැතිනම් කොටස්වලට බෙදා කොටසින් කොටසද කළ හැක. මේහීදී BOQ එක කොටසකට එක බැගින් බොහෝ විට වෙනස් වෙයි. ඒ වාගේම වැඩ කොටස නීශ්චිත කාලයකට අවසන් කර ගත ගැනීමටත් TO හෝ ඉන්ජිනේරුවරයෙකුගේ අදීක්ෂණය යටතේ ඉදිකිරීම් කර ගන්න  පුළුවන්.

ප්‍රධාන වාසි ටිකකට තිබෙන්නේ මම ඉහතදී කියපු දේවල්ම තමා. මෙම ආයතන තෝරා ගැනීමේදී මොවුන් මීට පෙර සුදු කරනු ලබපු වැඩ ටිකක් පරීක්ෂා කර බලන්න පුළුවන්. ඊට අමතරව ආයතනය ලියාපදිංචි කර ඇත්දැයි බලන්න. මෙවා ඔබ තෝරාගත් ආයතනයෙන්ම විමසා ලබා ගන්න පුළුවන්.

බාස්ලා, අත්උදව්කරුවන් තේරීමේදී

බාස්ලා ගැන කියද්දී දැන් දවසේ පඩිය හෙඩ්බාස්ට නං රුපියල් 2300 ක් වත් ඕනි. ගෝලයන්ට රුපියල් 1600 වගේ තමයි. හැබැයි කොළඹට ඈත දුර පළාත්වල නං බාස්ලාගේ කුලිය අඩුයි. ඈත පළාත්වල ගෝලයෝ ඉන්නවා දවස් පඩිය රුපියල් 1300 යි. බාස්ට 1800 ක් වගේ දෙන්න.

ඉතිං ඔයාට ඔය ඈත පළාත් වල නෑදෑයෝ ඉන්නවා නං,ඒ අයගේ මාර්ගයෙන් බාස්ලා එහෙම හොයාගන්න පුළුවන් නං ලොකු ලාබයක් තියෙනවා.හැබැයි මෙහෙම බාස්ලා ඈත පළාතකින් ගෙනත් නවත්ත ගන්නවා නං ඒ අයට කන්න බොන්න දෙන්න ඕනි. 

මෙහෙම බාස්ලා ගෙනත් නවත්තන එකේ තව වාසියක් තියෙනවා.මොකද අතින් බාස්ල ගෙන්නපුවම එයාලා පැය 24 වැඩපලේ ඉන්නේ. ඒ හින්දා වැඩකරන කරලා වැඩියි. ගමේ බාස් පැය 7 වගේ වැඩ කරද්දී මෙයාල පැය 10 විතර වැඩ කරනවා. මේකෙන් ගෙදර වැඩේ ඉක්මන් වෙනවා වගේම වැඩපලේ බඩු තියලා වුනත් බය නැතිව ඉන්න පුළුවන්

ඒ නිසා තමන් දවස් පඩියට බාස්ලා දම්මලා වැඩේ කරනවා නං ඒ අයට හරියට ගෙවීම් කරන්න. හැබැයි මම කළින් කිව්වා වගේ වැඩේ කරද්දී ඔයා හරි ඔයාගේ ලගම කෙනෙක් ඉඩක් ඇවිත් මේ ගැන බලන්න.

ඉදිකිරීම් කටයුතු වලට අමුද්‍රව්‍ය මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු දේවල් ගැන මම කලින් ලිපියක් ලියලා තියෙන නිසා ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ.ඒ ලිපිය මෙතනින් බලන්න.

ඉදිකිරීම් කටයුතු වලට අමුද්‍රව්‍ය මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු දෑ

ඊළග ලිපියෙන් ඉදිකිරීමේදී සැලකිලිමත් විය යුතු දෑ බලාපොරොත්තු වන්න.

වෙනස් සම්බන්දිත ලිපි

අඩුවට නිවසක් හදන සාස්තරය

අඩුවට නිවසක් හදන සාස්තරය (තුන්වන කොටස)

අඩුවට නිවසක් හදන සාස්තරය (අවසාන ලිපිය)

 

 

Facebook Comments

Leave A Comment