ඉදිකිරීම් කටයුතු වලට අමුද්‍රව්‍ය මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු දෑ

අපි බොහෝ වේලාවට අමුද්‍රව්‍ය මිලදී ගැනීමට ප්‍රථමව ඒවායේ මිළ පිළිබදව තමා සැලකිලිමත් වෙන්නෙ. අඩු මිලට තත්වයෙන් උසස් දෙයක් මිලදී ගැනීමට තමා අප සියලු දෙනා හැම විටම බලාපොරොත්තු වන්නේ. හරි අපි දෙන් බලමු මේ දේ නිවැරදිව කරන්නේ කේසේද කියා.

1. සිමෙන්ති

නිවසක් ඉදිකිරීමේදී අතිශයෙන්ම වැදගත් අමු ද්‍රව්‍යකි.ගඩොල් හෝ කලුගල් හෝ කොන්ක්‍රීට් එකකදී නම් කුඩා ගල්,කම්බි සහ වැලි එකිනෙක ශක්තිමත්ව බඳවා තබීමට ප්‍රධාන වන්නේ සිමෙන්තිය.සිමෙන්ති වර්ග ගනනාවක් තිබේ.නමුත් ලංකාවේ අප සාමාන්‍ය ඉදි කිරීම් සඳහා යොදා ගන්නේ පෝට්ලන්ඩ් වර්ගයේ සිමෙන්තිය.නොයෙක් නම් වලින් වෙලඳ පොලට එන්නේ මේවාය.සිමෙන්ති මිලට ගනීමේදී අනිවාර්යයෙන් තත්ව සහතිකය තිබේදැයි බලන්න.එය මනාව පෙනෙන පරිදි පිට කවරයේ මුද්‍රනය කර තිබිය යුතුය.SLS ලංඡනය තිබෙදැයි පරික්ෂා කර මිලදී ගන්න.එක වර වැඩි සිමෙන්ටි මිටි ප්‍රමානයක් මිලදී ගන්නේ නම් (25 ට වඩා) ඔබ වෙසෙන ප්‍රදේශයේ නියොජිත මහතා මගින් වෙලඳ සැල් වලට දෙන මිලටම නිවසටම ප්‍රවාහනය කරව ගන්න පුලුවන්. කඩේ මිලට වඩා රුපියල් 15ක් පමන අඩුවට ගන්නත් පුලුවන්.

2. වැලි

ඉදි කිරීම් ක්ෂේස්ත්‍රයේ අත්‍යාවශ්යම අමු ද්‍රව්‍යකි.පිරිසිදු ගංගා වැලි ඉදිකිරීම් සඳහා යොග්‍ය වේ. ඉතා කුඩා ප්‍රමානයේ සහ විශාල ප්‍රමානයේ වැලි,අදික බොරලු ඇති වැලි මිලදී ගැනීමෙන් වලකින්න.සෑම විටම මධ්‍යම ප්‍රමාණයේ මඩ ගතිය අවම වැලි මිලදී ගන්න.අදික වැසි සමයන්හිදී ගංගා වැලි වලට රොන් මඬ මිශ්‍ර වේ.එවැනි කාල වලදී සැලකිලිමත්වන්න.ගංගා වැලි වලට අමතරව වැලි නිධි වලින්ද වැලි ගොඩ ගනු ලැබේ.නිධි වැලි බොහෝ විට ඉතා කුඩා වේ.කපරාරු කිරීම් ආදිය සඳහා තරමක් සුදුසුවේ.මුහුදු වැලි කිසි විටෙකත් ඉදිකිරීම් සඳහා කවුරු කිව්වත් යොදා ගන්න එපා.

3. ගල්

ගල් ප්‍රධාන වශයෙන් ගන්නේ අත්තිවාරම් දැමීමට සහ කොන්ක්‍රීට් දැමීමටයි.අත්තිවාරමට ගන්නේ 9″x 12″ පමන විශාල ගල් සහ කුඩා සක්ක කැබලිය.ගල් වල පැහැය සුදට හුරු නම් හෝ,ගල් හරහා සුදු පැහැති වයිරම් විශාල වශයෙන් තිබේනම් ඒවා ශක්තිමත් බවෙන් අඩු ඒවා ය.තද අලු පැහති කලු පාටට හුරු ගල් ශක්තිමත් බවෙන් වැඩිය..කොන්ක්‍රීට් සඳහා යොදා ගනේ 3/4″ප්‍රමානයේ කලුගල් ය.පෙර කී කරුණු මෙයටද අදාල වේ.විශාල කැට සහ කුඩා කැට බහුල මිශ්‍ර කොන්ක්‍රීට් ගල් වලට වඩා එකම ප්‍රමානයේ කුඩා ගල් (3/4″) මිලදී ගන්න.ඇතම් ගල් මෝල් කරුවන් බාල කලුගල් වලට ජලය ඉස කලු පැහැයට හරවා පාරිභොගිකයා රවටන අවස්ථා තියනව.ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.(අනිත් ගල් වගේ නෙමේ…ගෙවල් හැදිල්ලෙදි සුදු ගල් වලට රැවටෙන්න එපා)

4. කම්බි

කොන්ක්‍රීට් එකක් දැමීමේදී ශක්තිමත් භාවයට ප්‍රධාන වේ.නානාප්‍රකාර කම්බි වර්ග වෙලද පොලේ තිබුනත් සංස්ථා කම්බි ඒ සැමට වඩා ශක්තිමත් බවෙන්,ආතතියෙන් සහ නිමාවෙන් අවිවාදයෙන් ම ඉදීයෙන් සිටී.මේ බව එකම ප්‍රමානයේ සංස්ථා කම්බියක් සහ වෙනත් වර්ගයක කම්බියක් සැසඳීමෙන් ඔබටම පෙනේවි.සංස්ථා කම්බි අනෙක් කම්බි වර්ග වලට වඩා තරමක් මිලෙන් වැඩි නිසා කොලම්,බීම් සහ ඉහත මාලය සඳහා පමනක්වත් අඩුම් තරමේ සංස්ථා කම්බිම යොදා ගන්න.ඒ හැරුනු විට බියගම කම්බි තරමක් ප්‍රමිතියෙන් ඉහලය

5.ගඩොල්

නිවසක බිත්ති බැඳීමට යොදා ගැනේ.ගඩොල් වර්ග 2ක් තිබේ.ඒවා නම් ඉංජිනේරු ගඩොල් සහ පිලිස්සූ මෝඩ ගඩොල්ය.ඉංජිනේරු ගඩොල් ප්‍රමානයෙන් කුඩාය.කුඩා ගඩොල් විශාල ගඩොල් වලට වඩා ඉක්මනි,හොඳින් පිලිස්සේ.නමුත් සමහර විට පිටතින් ඉතා හොඳින් පිලිස්සී ලෙස පෙනුනද ඇතුලතින් පිලිස්සී නැති ගඩොල් තිබේ.මේවා “දඹු ගඩොල්” වේ.ගඩොල් ගැනීමේදී කැඩී ගිය ගඩොල් කැබලි පරීක්ෂා කරන්න.එවිට දඹු ගඩොල් බහුල බව පෙනේ නම් මිලදී ගැනීමෙන් වලකින්න.හොඳින් පිලිස්සුනු ගඩොල් කැට දෙකක් එකිනෙක ගටුනු විට නැවුම් පැදිලි ශබ්දයක් නැඟේ.එය ටයිල් කැට දෙකක් එකට වදින විට නැගෙන හඬ මෙන් වේ.තවද බාහිරින් නිසි ලෙස පිලිස්සේ නැති,පැත්තක් රතු පැහැයටත් තවත් පැත්තක් කහ පැහැයටත් ඇති ගඩොල් බහුල නම් එම ස්ථානයෙන්ද ගඩොල් මිලදී ගැනීමෙන් වලකින්න.හොදින් පිලිස්සුනු ගඩොල් රත් පැහැති වේ

 

Facebook Comments

Leave A Comment